Print this Article


පින් අනුමෝදන් පැමිණවීමේ හා ආශිර්වාද කිරීමේ පින්කමක් කොළඹ ගංගාරාම විහාරයේ දී

පින් අනුමෝදන් පැමිණවීමේ හා ආශිර්වාද කිරීමේ පින්කමක් කොළඹ ගංගාරාම විහාරයේ දී

අපවත් වී වදාළ ගංගාරාම විහාරාධිපති ආචාර්ය ගල්බොඩ සිරි ඤාණිස්සර පොඩි හාමුදුරුවන් වහන්සේට පින් අනුමෝදන් කිරීමේ ධර්ම දේශනාමය පින්කමක් බිනර පුර පසළොස්වක පෝදා සවස 3.15 සිට 4.20 දක්වා කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වේ. දේශකයාණන් වහන්සේ මහනුවර, සාරසියපත්තුව ශ්‍රී ශෛලාරාම විහාරවාසී පණ්ඩිත ගන්නෝරුවේ දීපානන්ද හිමියන්ය.

මෙම පින්කමට සමගාමීව විහාරාධිපති කිරින්දේ අස්සජි නාහිමියන්ට ආශීර්වාද කිරීම, දයා ද ෆොන්සේකා මහත්මියට සහ චාල්ස් ද ෆොන්සේකා මහතාට පින් අනුමෝදන් කිරීම, හර්ෂ මෙවන් මහතාගේ උපන් දිනය වෙනුවෙන් ආශීර්වාද කිරීම ද සිදු කෙරේ.

පින්කමේ දායකත්වය රශ්මිය පදනමේ සභාපති කැලුම් මහතා සහ ලේකම් හර්ෂ මෙවන් මහතාගෙනි. මෙදිනට බුදුසරණ පුවත්පත ධර්ම දානයක් ලෙස පරිත්‍යාග කිරීම ද සිදු කෙරේ.