මිනිසත් බව
බබළවන්න

කාසි වාසි නිලතල බල
ලැබෙන කලට බොහෝ අයට
මුල අමතක වී යන බව
පුහුදුන් මනු ගතියකී
නැඟිටින්නට දුන්න දෑත
හපනා ගුණමකු දනන්ට
දුදන ගතිය කිසි දිනකදි
නොතේරේ ය උඩඟුකමට
කාසිවලට ගන්නත් බැරි
නිලතලයෙන් ගන්නත් බැරි
මිනිසත්කම බබළවන්න
යහගුණ දම් නිති වඩන්න
සුනඛයකුට කළ උදව්ව
සැම කල් මතකේ රැඳේ ය
නගුට වනා ලෙන්ගතුකම
පවසයි දුටු සැම තැනෙහි ම
ආචාර්ය
රත්නපාල වික්රමසිංහ |