බුදුසරණ පුවත්පත් ප්‍රදර්ශනයක්
විවිධාකාරයේ බොහෝ ප්‍රදර්ශන අපි දැක තිබෙමු. එහෙත් මේ ප්‍රදර්ශනය ඉතිහාසගත වන්නේ
මීට ඉහත මෙවැනි ප්‍රදර්ශනයක් පවත්වා නොතිබීම සහ වසර ගණනාවක් තිස්සේ මෙම ප්‍රදර්ශනය
සිදු කිරීමට අවශ්‍ය මූලික පසුබිම සකස් කර ගැනීම දරා ඇති උත්සාහය ගැන සිතන විටයි.
වයස අවුරුදු 75ක් වන ගැවිලිපිටියේ පදිංචි එස්.පී.කේ. රාමනායක මහත්මිය විසින් වයස
අවුරුදු 14 සිට බුදුසරණ පුවත්පතින් එකතු කර ගන්නා ලද සිදුහත් බෝසතාණන් වහන්සේගේ
උත්පත්ති සිදුවීම් මාලාවේ සිට බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය දක්වා ඇති විශේෂිත
සිදුවීම් මාලාවත්, මහින්දාගමනයෙන් අප හට ලැබූ උරුමයන් නිරූපණය වන සිතුවම් මාලාවකුත්
පුවත් පත් ඡායාරූප එකතුවක් ලෙස මෙලෙස ප්‍රදර්ශනයක් පවත්වන්නට යෙදුනේ පසුගිය සතියේ
දිනක අරණායක ගැවිලිපිටියේ බුධවත්ත කලා ආයතනයේ දී ය. එය දින තුනක් පුරාවට
ප්‍රදර්ශනයක් ලෙසින් පවත්වන ලදී.
තවත් සුවිශේෂී සිදුවීමක් වන්නේ මෙම ප්‍රදර්ශනයට එක් කර තිබූ සෑම සිතුවමක් ම බුදුසරණ
පවත්පතේ සිතුවම් වීම ය. එහි පෙළගැස්ම මෙන් ම ඉදිරිපත් කර තිබූ අයුරු ද අපූරු ය.
නරඹන අයට තොරතුරු පැහැදිලි කර දීමටත් රාමනායක මහත්මිය අමතක නොකළා ය.
ඡායාරූප සහ සටහන
මාවනැල්ල විශේෂ
සමන් විජය බණ්ඩාර |