දළදා පෙරහර

සෙංකඩගල පුර
වැව බෝගම්බර
දළදා පෙරහර
වීදි සැරිසර
දළදා ගම්බිර
පුදදෙති දෙව්නර
පෙරහර සැරිසර
ඇවිළෙති කොප්පර
වම් දළදා සිරි
වැඳලා සිත පිරි
මහනුවරට සිරි
යමුකො නැවත දිරි
වයනා හඬ බෙර
නිලමේ පරපුර
වාගෙයි සුරපුර
නුවර පෙරහර
මොරගොල්ල
ඉඹුල්ගස්දෙණිය
අජිත් වික්රමනන්ද වීරසූරිය |