Print this Article


දෙසනු මැන අනුසස්

දෙසනු මැන අනුසස්

දවුල් හොරණෑ නද දෙන
සාධු හඬ සමඟින
කඩමළු සිවුර හැඳ
පැල්පත වෙත වඩිනා
නිවුණ පොඩි හිමි සඳකි
නිසල වන අරණ සිට

දහසක් වටින සිවුරක්
සිදාදියෙ හිමි සඳුනට
පිදුමට පිනැති පිරිසක්
සැප රියෙන් පැමිණෙති
සුදු වතින් ගත සැරසූ

දහදිය කඳුළු හෙළා
පුදනා දිළිඳු දානය
වළඳා නිවන් දකිනට
දෙසනු මැන දාන අනුහස්
මහා කරුණා ගුණයෙන්
අපේ පොඩි සමිඳුනේ