නැතැයි කී සැප තවත් සොයමින්...
ඇලෙන්නට නිසි දෙයක් නැතිමුත්
තුන් ලොවෙහිවත් තුන් කලෙහිවත්
ලොබින් නුවණැස අන්ධ වූ කල
බුදු බණක් වුව හැරදමන්නෙය
“එහෙත්” කියමින් ‘ඇතැ’යි සිතමින්
සිහින මවමින් සසර රැඳෙමින්
වෛර බඳිමින් තරග කරමින්
“නැතැ”යි කී දෙය තවත් සොයමින්
ටී.සේනානායක |