අවසර
එදා අඹතලා පව්වෙහි සිට යහතින්
බෙදා දුන්න දම් රස අපි ගෙන දොහොතින්
නිදා සිටිය ලක් දන හට දුනිමු බැතින්
සදා ණය ගැතියි එහෙයින් සැවොම නිතින්
අතහැර ගිහි ගෙය පැවිදිව උගෙන දහම්
බිඳ හැර මුළු මතින් කෙලෙසුන් ලෙසින් සියුම්
ගුණබර මිහිඳු හිමියෙනි සව්හුගේ ගොයුම්
අවසර අපට සිඹිනට සිරිපාද පියුම්
ගාල්ලේ විමලනන්ද හිමි |