Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

බටුවත්ත, නාරංගොඩපාළුව රත්න ශ්‍රී ඝනාරාම පොත්ගුල් විහාරස්ථ ශ්‍රී සෝණුත්තර ධර්ම විද්‍යාලය ආරම්භ කර වසර 90ක් සපිරීම නිමිත්තෙන් නිර්මාණය කිරීමට යෝජිත සක්මන් බුද්ධ ප්‍රතිමා වහන්සේට මුල්ගල පිහිටුවීමේ උත්තම පුණ්‍ය මහෝත්සවය පසුගියදා ( 05) සිදු කෙරිණි.
නාරංගොඩ පාළුව රත්න ශ්‍රී ඝනාරාම පොත්ගුල් විහාරය, ගලහිටියාව ශ්‍රී සුගත සුභද්‍රාරාමය යන උභය විහාරාධිපති සීනාදි සිව්කෝරලයේ විශේෂ අධිකරණ සමථබල සම්පන්න ද්විතීය සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී පේ‍්‍රමරතන සිවුරළුමුල්ලේ සුමනරතන නා හිමියන්ගේ අනුශාසනයෙන් සිදුකෙරෙන මෙම පින්කමේ සමාරම්භක මොහොතට ධර්ම විද්‍යාලයීය සිසු දරු දැරියන්, දායක සභාව, කුලඟන සමිතිය ඇතුළු පින්වතුන් රැසක් සහභාගි වූහ.

කළුතර උග්ගල්බඩ ඉසිපතන භාවනා මධ්‍යස්ථානයේ මධ්‍යස්ථානාධිපති කම්මට්ඨානාචාර්ය වලල්ගොඩ චන්දරතන නාහිමියන් විසින් නිර්මාණය කරන ලද අඩි 165 ක දිගකින් යුක්ත, සැතපෙන බුදුපිළිම වහන්සේගේ නේත්‍ර ප්‍රතිෂ්ඨාපනය කිරීම හා පිළිම වහන්සේ නිරාවරණය කොට සසුනට පූජා කිරීමේ මහා පුණ්‍යෙීත්සවය භාවනා මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී මහා සංඝයා වහන්සේගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.
සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මහා නායක වස්කඩුවේ මහින්දවංශ මහා නාහිමියන් ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

ටයිටස් තිසේරා සන්දනායක - මොරොන්තුඩුව සමූහ

බුත්තල ඔක්කම්පිටිය දෙමටමල් විහාරවාසී ඔක්කම්පිටියේ චන්දරතන,ඔක්කම්පිටියේ පඤ්ඤාරතන,ඔක්කම්පිටියේ පුඤ්ඤරතන යන සාමණේර ස්වාමීන් වහන්සේ පසුගිය දා සියම් මහා නිකායේ මහනුවර මහා විහාරීය මංගල උපෝසථාගාරයේ දී අධි ශීල සංඛ්‍යාත උපසම්පදාව ලැබූහ.
සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක බුත්තල යුදඟනාව රාජමහා විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත ගල්ටැම්වත්තේ නන්දරතන හිමි, සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝනායක ඔක්කම්පිටිය දෙමටමල් රාජමහා විහාරාධිපති ගල්ටැම්වත්තේ පුඤ්ඤානන්ද හිමි, මොරටුවගම ධම්මරතන හිමි, වැල්ලවායේ අරියධම්ම හිමි යන ස්වාමීන් වහන්සේගේ ආචාර්යත්වයෙන් සාමණේර ස්වාමීන් වහන්සේ උපසම්පදා ලැබූහ.

ඩී.එස් ගුණතිලක
ඌව වෙල්ලස්ස විශේෂ

ගෝනහේන, කඩවත සමගි එක්සත් ළමා සංසදය මඟින් ප්‍රථම වතාවට ඉදිරිපත් කරන සත්සතිය සම්බන්ධ විස්තර සමඟින් නිර්මාණය කරන ලද වෙසක් තොරණ ගෝනහේන සමගි එක්සත් මාවත මංසන්දියේ දී පැවැත්විය.
රුක්පාගොඩ ශ්‍රී ධීරානන්ද ධර්ම විද්‍යාලයේ විදුහල්පති අස්සජි ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙය පැවැත්විය.
පාසල් දරුවන් විසින් මෙය නිර්මාණය කළ අතර ජනාධිපති විද්‍යාලයේ සහන් ප්‍රබෝධ, මහානාම විද්‍යාලයේ ලිතුල ලක්මෙන්, ප්‍රේමානන්ද විද්‍යාලයේ ලෂේන් සත්සර, අඹකොළ වැව විද්‍යාලයේ සිතුම් කවීෂ, සසෙක් විද්‍යාලයේ ආදිත්‍ය විජේසිංහ, නාලන්දා විද්‍යාලයේ සචේන් චේනිත, රාජසිංහ විද්‍යාලයේ හාලිත් යන සිසුවන් විසින් මෙම තොරණ නිර්මාණ කටයුතු සහ සංවිධාන කටයුතු මෙහෙයවනු ලැබීය.

ජයන්ති කුරේ