Print this Article


ඓතිහාසික කන්දවිහාරයේ දී බුදුසරණ පුවත්පත බෙදා දීම

ඓතිහාසික කන්දවිහාරයේ දී බුදුසරණ පුවත්පත බෙදා දීම

ඓතිහාසික කන්දවිහාරයේ දී අෂ්ටාංගික ශීලය සමාදන් වූ උපාසක උපාසිකාවන් වෙනුවෙන් උදෑසන, බුදුසරණ, පුවත්පත් 300ක් බෙදා දී දහවල දානය පිරිනැමීමේ පින්කම උඩමළුවේ දී සිදු කෙරේ.

ධර්මානුශාසනා වෙනුවෙන්, හැඩිගල්ලේ විමලසාර, සූරියවැව ඥානරතන, මුණසිංහගොඩ කස්සප යන හිමිවරුන් වැඩම කෙරේ. අලුයම කිරි පිඬු පූජාව පැවැත්වීමෙන් අනතුරුව රාත්‍රියේ දෙවියන් උදෙසා පැවැත්වෙන මුළුතැන් පූජාවෙන් පසු දෛනික පින්කම් නිමාවට පත්වෙන බව කන්ද විහාරාධිපති කොක්කා විට විපුලසාර නාහිමියන් පැවසීය.