දෙලොව දියුණුව සදන
ධර්ම
බුද්ධශාසන අමාත්‍යාංශයේ
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ
ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලයේ ලේකම්
කේ.කේ. සුගතපාල
ලාභය, අලාභය, යසස (කීර්තිය - සම්පත්), අයස (අපකීර්තිය - මදසම්පත්), නින්දා,
ප්‍රශංසා, සුඛ (සැප), දුක්ඛ (දුක්)
(අට්ඨ මේ භික්ඛවෙ, ලොක ධම්මා ලොකං අනුපරිවත්තති, ලොකො ච අට්ඨලොකධම්මෙ අනුපරිවත්තති
/
මහණෙනි, මේ අෂ්ටලෝක ධර්මයෝ ලොව අනුව පෙරළෙත්, ලෝකය ද අෂ්ට ලෝක ධර්මයන් අනුව
පෙරළෙත්. (අ.නි. 5 පිටු 14 - 16 පඨම හා දුතිය ලෝකධම්ම සූත්‍ර) මේ ලෝක ධර්මයන්ට යටත්
නොවූ කිසිවකු ලොව නැත. බුදුවරයන් වහන්සේ ද මේවාට යටත් ය. බුදු, පසේබුදු, මහරහතන්
වහන්සේ ද මේ ධර්මතාවයන්ට මුහුණ දෙනමුත් ඒ ආර්යවතුන් ඒවාට කම්පා නොවීම හා නොසැලෙන
ස්වභාවය මෙහි ඇති විශේෂත්වය යි.
මේ සඳහන් කළේ උත්කෘෂ්ට වශයෙනි. මෙයින් අනන්‍ය වූ මගඵල ලාභී ආර්ය ශ්‍රාවකයන්ගේ සිත ද
නොසැලේ යැයි ගත යුතු ය. බුදුවදන් නොදන්නා, මඟ ඵල නොලැබූ පෘථග්ජනයා මේ අටලෝ දහම්
උපදවා ගෙන කැළඹෙති. දුක් වෙති. සතුටු වෙති. ලාභ - යසස - ප්‍රශංසා - සුබ ධර්මයන්හි
දී සතුටු වෙති. ඇලෙති.
අලාභය, අයස, නින්දා, දුක්ඛයන්හි දී දුක් වෙති. ගැටෙති.
මෙසේ ලාභාදිය පතන, අලාභාදිය නොපතන ඔහු ජාති, ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ,
දෝමනස්ස, උපායාස, පි‍්‍රයයන්ගෙන් වෙන්වීම, අපි‍්‍රයයන් ඇසුරට ලැබීම, තමන් කැමැති දේ
නොලැබීම යන ධර්මතාවන්ගෙන් නොමිදෙන්නේ ය. සසරට ම වැටෙන්නේ ය. බුදුවදන්වලට අනුව මේ
ධර්මතා අට ද නිත්‍ය නැත. අනිත්‍යය ම ය. එනිසා ම දුක් සහගතම ය. වෙනස්වන, පෙරළෙන
තමන්ගේ පාලනයෙන් තොර ලෝක ධර්ම (අනාත්ම) වේ. මේ ත්‍රිලක්ෂණ දහමට යටත් ය. ඒ අනුව
යමෙක් බුදුවදන් දැන තිබේ නම් මඟ පල නොලබා සිටියත් නො කැළඹී, කම්පා නොවී සිටිය හැක.
ගිහියකු ළඟ තිබිය යුතු ගුණ අටක්
බුදුරජාණන් වහන්සේ අළවු නුවර අග්ගාළව චෛත්‍ය ස්ථානයෙහි වැඩ සිටියදී භික්ෂූන් වහන්සේ
අමතමින් මහණෙනි, හත්ථාළවක කුමරා ආශ්චර්ය අද්භූත සත් කරුණකින් යුක්ත බවට වදාළ සේක්හ.
හත්ථක ආළවක (ආළවක දමනයේ දී අතින් අත ගිය පුංචි රජ කුමරා සැදැහැවත් ය. සිල්වත් ය.
පවට ලජ්ජා සහිත ය. පව් කිරීමට භය වෙයි. ත්‍යාගශීලී ය (චාග හැමවිට නො අල්ලාගෙන දෙන
දෙයක් දෙන්නේ ය)–. බහුශ්‍රැත ය (ධර්මය බොහෝ අසා දරා ගත්තෙකි). ප්‍රඥාවන්ත ය
(ගැටලුවට නිවැරැදි ම පිළිතුරු දනී) වශයෙනි.
මෙය අසා සිටි එක් භික්ෂූන් වහන්සේ නමක් හත්ථක ආළවක කුමරාගේ නිවසට ගොස් ඔබ ගැන
බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ බව කීහ.
එවිට කුමරු, ස්වාමීනි කිම? ඒ අවස්ථාවේ සුදුවත් හැඳි ගිහියෙක් එහි සිටියේ ද?
කුමරුවනි, කිසි ගිහියෙක් එහි නොවීය. එසේ නම් “මැනැවි” යැයි කුමරු කීය.
අනතුරුව ආළවක කුමරුගේ නිවසේ ම දන් වැළඳූ ඒ භික්ෂුව නැවැත භාග්‍යවතුන් වහන්සේ හමුව
සියලු කාරණා කියා ආලවක කුමරු ඔබ වහන්සේ ඔහු ගැන මේ කරුණූ කියද්දී සුදුවන් හැඳි
ගිහියෙක් එහි සිටියේ දැයි මගෙන් අසා, නොසිටි ඔබ දැන සතුටු වූ බව ද කීහ.
සාධු! සාධු !! මහණ අල්පේච්ඡ වූ ඒ කුලපුත්‍රයා තමා තුළ ගුණධර්ම ඇති කල්හි ම අනුන්
විසින් එය දැන ගැනුමෙහි නො කැමැති බව, ‘සුදුවත් හැඳි ගිහියකු නොසිටියේ යයි දැන
සතුටුවීම තුළ ඇති බව වදාළහ. මහණ, ඒ අනුව මේ අල්පේච්ඡතා යන 8 වෙනි ආශ්චර්ය අද්භූත
ධර්ම ගුණයෙන් ද හත්ථාළවක සමන්වාගත යුතු යැයි ඔබලා “ධරව“ යනුවෙන් බුදුරජාණන් වහන්සේ
වදාළ සේක්හ.
සතර මහා සාගරයේ ජලය බිඳුකොට ගත්තේ වී නමුදු එයටත් වඩා අප්‍රමාණ ගුණ ඇති අපගේ ද
ශාස්තෘ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගුණවත්කම් හඳුනාගත් හැටි හා ගුණධර්ම නම් කළ
හැටි මොනතරම් ආශ්චර්ය ද? අද්භූත වේ ද?
මහණෙනි, බල අටකි.
ඒ කවරේද? *
ළදරුවෝ (දාරක) හැඬීම බලය කොට ඇත්තේ ය.
*
ස්ත්‍රිය (මාතුගාමො) ක්‍රෝධය (කොධ) බලය කොට ඇත්තේ ය.
*
සොරු (චොරා) ආයුධ බලය කොට ඇත්තේ ය.
*
රජවරු (රාජානො) ඓශ්චර්යය - අධිපතිභාවය (ඉස්සරිය) බලය කොට ඇත්තේ ය.
*
අඥානයෝ (බාලා) උදහස්වීම (උජ්ඣන්ති) බලය කොට ඇත්තේ ය.
*
පණ්ඩිතයෝ (පණ්ඩිතා) නැවැත නැවැත විමසා බැලීම (නිජ්ඣන්ති) බලයකොට ඇත්තේ ය.
*
බහුශ්‍රැතයෝ (බහුස්සුතා) නුවණින් ප්‍රත්‍යවේක්ෂා කිරීම (පටිසංඛාන) බලය කොට ඇත්තේ ය.
*
මහණ බමුණෝ (සමණබ්‍රාහ්මණ) ඉවසීම (ඛන්ති) බලය කොට ඇත්තේ ය.
(අ.නි. 5 - පිට 124 බල සූත්‍රය)
මෙහි මහණ යනු තෙරුවන් සරණ ගිය ආර්ය ශ්‍රාවකයා ය. බමුණෝ යනු ප්‍රහීණය සඳහා කෙලෙස්
තවන තාපසයෝ ය. එනිසා මහණෙනි, යනු ඇමැතීම, භික්ඛු, භික්ඛුණී, උපාසක, උපාසිකා යන සිවු
පිරිස් ම ඇමතීම ය. මෙයිනුදු භික්ඛු (මහණ) මුල්කොට ඇමැතීම බුදු සිරිතයි. ඒ ඉක්මනින්
ආස්‍රව ක්ෂය කළ හැකි පිරිස සේ සලකමිනි. මේ අනුව “ඉවසීමේ” අටවෙනි ගුණය අනෙක් බල සත ම
පැරැදවිය හැකි උසස්ම බලය සේ සියලු ආර්ය ශ්‍රාවකයෝ සැලකිය යුතු බව අදහස් කෙරේ. |