දළදා හිමි වන්දනා
ඉංග්‍රීසි පාලකයන්ගේ පාලන සමයෙහි ද, නිදහස ලැබීමෙන් පසුව ද සුවිශේෂි අවස්ථා කීපයක
දී ම ශ්‍රී දළදා වන්දනාව පවත්වා ඇත්තේ ය. ව්‍යවහාර වර්ෂ 1882 පෙබරවාරි 07 වැනි දින
සිට 14 වැනි දින දක්වා මහජනතාව උදෙසා ද, මෑත ඉතිහාසයේ 1972 සහ 1978 යන වර්ෂයන්හි ද,
1991 මාර්තු 01 සිට 10 දක්වා ද, 1995 පෙබරවාරි 27 සිට මාර්තු 12 දක්වා ද 2001
සැප්තැම්බර් 22 වන දින සිට ඔක්තෝම්බර් 07 වන දින දක්වා ද මහජනතාව උදෙසා සිරි දළදා
වන්දනාව පවත්වා ඇත. එසේම 2004 අප්‍රේල් 17 සිට මැයි 01 දක්වා ස්‍යාමෝපසම්පදාව
සිදුවී වසර 250 ක් සපිරීම නිමිත්තෙන් ද මහජනතාව උදෙසා සිරි දළදා වන්දනාව පැවැත්වූ
බව අනාවරණය වේ. අවසන් වරට වර්ෂ 2009 වැන්නේ මාර්තු මස 06 වැනි සිකුරාදා පටන් 14
වැනි සෙනසුරාදා දක්වා ද ලක්ෂ සංඛ්‍යාත සුවිශාල මහාජනකායක් මධ්‍යයේ මහත් උත්කර්ෂවත්
ලෙස පැවැත් වූහ. මෙවර 2025 අප්‍රේල් 18 සිට 28 දක්වා මහත් හරසරින් දළදා වහන්සේ
පුදනු ලැබේ.
කේ. මීගහකුඹුර |