ජාත්‍යන්තර බෞද්ධ
කෞතුකාගාරය
බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ශ්‍රීමත් ජේම්ස් ලෝංග්ඩන් විසින් 1880දී ඉදිකරන ලද මෙම
ගොඩනැඟිල්ලෙහි ලෝක බුදුසමය පිළිබඳ කෞතුකාගාරයක් පිහිටුවීම සම්බන්ධයෙන් වූ යෝජනාව
ප්‍රථම වරට ඉදිරිපත් කරන ලද්දේ හිටපු පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙනරත්
පරණවිතාන මහතා විසිනි. අනතුරුව ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරයා වූ ශ්‍රීමත්
විලියම් ගොපල්ලව මැතිතුමන් විසින් 1973දී මෙම යෝජනාව රජයේ අවධානයට යොමු කරන ලදී.
ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි හා මල්වතු පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක හිමිපාණන්
වහන්සේගේ ආශිර්වාදයෙන් ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ බෞද්ධ රටවල රාජ්‍ය තාන්ත්‍රික
නියෝජිතයන්ගේ සහයෝගයෙන් වත්මන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ
මූලිකත්වයෙන් මෙම කෞතුකාගාරය ලොව පුරා සිටින බෞද්ධ සැදැහැවතුන් වෙනුවෙන් පිහිටුවන
ලදී. ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යාඥ මහාචාර්ය ලීලානන්ද පේ‍්‍රමතිලක මහතා ප්‍රධාන කොට ගත්
විශේෂඥ පිරිසකගේ සහභාගිත්වයෙන් කෞතුකාගාරයේ සැලසුම් හා සංවිධානය ඉටු කෙරිණි. එමෙන්ම
ශ්‍රී දළදා මාලිගාවේ නිලධාරීන් විසින් කෞතුකාගාරය පිළිබඳ සම්බන්ධීකරණ කටයුතු
මෙහෙයවන ලදී.
ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, භූතානය, නේපාලය, පකිස්තානය, ඇෆ්ගනිස්ථානය,
චීනය, කොරියාව, ජපානය, මියන්මාරය, තායිලන්තය, කාම්භෝජය, ලාඕසය, වියට්නාමය,
ඉන්දුනීසියාව සහ මැලේසියාව යන රටවල පූර්ණ දායකත්වයෙන් නිර්මාණය කොට ඇති මෙම
නිර්මාණය ලෝක බුදුසමය පිළිබඳ ප්‍රථම ජාත්‍යන්තර කෞතුකාගාරය ද වේ.
ශ්‍රී දළදා මාලිගාවේ
තොරතුරු ඇසුරිනි |