මුතියංගණ රාජමහා විහාරය

බිනර අමාවක

 ‍ඔක්තෝබර් 01 අඟහරුවාදා
අ.භා. 09.42 අමාවක ලබා 03 බ්‍රහස්පතින්දා පූ.භා.00.20 ගෙවේ. 02 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 02

First Quarterපුර අටවක

ඔක්තෝබර් 10

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 17

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 24

 

රැස්කරන තරමට අත්නොවිඳින මිහිර

අහිංසක ජීවිත තමන් සතු කර ගැනීමට දෙව්දත් කුමරුන් කටයුතු කරද්දී සිදුහත් කුමරු එයට එරෙහි විය. උයනේ දී සිදුවන්නේ ද එයම ය. තමන් විදින ලද හංසයා තමාට ලබා දෙන ලෙස දෙව්දත් කුමරු ආයාචනා කරන අයුරු කවියා සිත්ගන්නා ලෙස කවියට නඟා ඇත. මා හොඳ අයියා මට හිමි තිළිණය කිසි වරදක් නෑ. මා වෙත ම දෙන්නකො, තමාට ඒ මාංසය පිළිබඳ කොතරම් තෘෂ්ණාවක් ඇද්ද යන වග දෙව්දත් කුමරුගේ ඉහත වචන තුළින් මනාව ඔප්පු වේ. එසේ ආයාචනා සිදු කරද්දී සිදුහත් කුමරු පෙන්වා දෙනුයේ ජීවත්වීම සියලු සත්ත්වයින්ට පොදු වූවකි. මගේ දයා කරුණාවට සීමාවක් නැත. ඔබ නැවත නැවත මෙසේ ඉල්ලා සිටින්නේ නම් නුවණ ඇතියන් වෙත ඉදිරිපත් කොට නිගමනයකට එළඹෙන ලෙසයි. රජසබය තුළදී ද සියලු දෙනාගේ නිගමනය වූයේ හංසයාගේ අයිතිය සිදුහත් කුමරුට ලැබිය යුතු බවයි. ඒ නිසා මේ හසා සිදුහතුන් වෙත දිය යුතු, මෙහි ප්‍රතිඵලය වූයේ සුවය ලද හංසයා නැවත තම සමූහයට එක්වීමයි. බෝසතුන්ගේ කුලුණු ගුණය වඩාත් පැහැදිලි වන අවස්ථාවක් ලෙස කවියා ඉතා සංයමයෙන් එය වර්ණනයට ලක්කර ඇත. බෝසතුන්ගේ මේ භවයේ මෛත්‍රිය ඉතා නිවැරැදි ව ආරම්භ වන අවස්ථාව ලෙස මේ අවස්ථාව ආනල්ඩ් සූරීන් සඳහන් කරයි.

උතුම් නිවන් මඟ අවබෝධය සඳහා

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස, දෙවෙමෙ භික්ඛවෙ අන්තා පබ්බජිතෙන න සෙවිතබ්බා යොචායං කාමෙසු කාමසුඛල්ලිකානුයොගො හීනො ගම්මො පොථුජ්ජනිකො අනරියො, අනත්ථසංහිතො, යොචායං අත්තකිලමථානුයොගො දුක්ඛො අනරියො අනත්ථසංහිතො එතෙතෙ භික්ඛවෙ උභො අන්තෙ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා චක්ඛුකරණී, ඤාණකරණී, උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය, නිබ්බාණාය සංවත්තති. සුගත තථාගත අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ ඇසළ පුර පසළොස්වක පෝ දිනක දී ගගන තලයේ පුන්සඳ බබළද්දී බරණැස ඉසිපතන මිගදාය වන උයනේ දී පස්වග මහණුන් වහන්සේ උදෙසා උතුම් දම්සක් පැවතුම් සූත්‍රයෙන් ධර්මය දේශනා කළ සේක. “මහණෙනි, පැවිද්දා විසින් මෙම අන්ත දෙක සේවනය නොකළ යුතු ය. හීන වූ, ග්‍රාම්‍ය වූ, පුහුදුන්, අනාර්ය වූ, අනර්ථකර වූ, යම් ඒ කාම සුඛල්ලිකානුයෝගයක් වේ ද දුක් වූ, අනාර්ය වූ, අනර්ථකාරි වූ, යම් අත්තකිලමථානුයෝගයක් වේ ද මෙසේ මෙම අන්ත දෙකට ම නෙපැමිණ තථාගතයන් වහන්සේ විසින් මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කොට සම්මා සම්බෝධිය අවබෝධ කරන ලදී. ඒ මේ මධ්‍යම ප්‍රතිපදාව ප්‍රඥා ඇස ඇති කරන්නේ ය. චතුරාර්ය සත්‍ය ධර්මය දැනීමේ ආර්ය ඥානය ලබා දෙන්නේ ය. කෙලෙස් සමනය කරන්නේ ය. සම්මා සම්බෝධිය අවබෝධ කරවන්නේ ය.

 

දුර්ගුණයට වැට බඳීමු

“පාපා නිවාරෙන්ති“ නම් පවින් වළක්වා ගැනීම ය. මවුපියන් තම දරුවන් කුඩා කල සිට අයහපත් ඇසුරෙන් මෙන් ම පවින් වැළැක්වීමට උත්සාහ ගැනීම දැඩි වගකීමකි. යුතුකමකි. ගුණයෙන් උසස් පුද්ගලයෙක් හෝ තමාට ගැලපෙන ගුණ ඇති පුද්ගලයෙක් ඇසුරු කරන ලෙසත්, එවැනි පුද්ගලයෙක් ඇසුරට නො ලැබුණොත් හුදකලාව වාසය කිරීම යහපත් බවත් බාලයාගේ ඇසුර පිරිහීමට හා විනාශයට හේතුවන බවත් තථාගත ධර්මයේ පෙන්වා දී ඇත. “යමෙක් කුසතණවලින් කුණු මස් ඔතයි ද එය ම හේතු කොට ගෙන ඒ කුස තණ ද දුගඳ හමන්නේ ය. බාලයා ඇසුරු කරන පුද්ගලයා දුර්ගන්ධවත් වන්නේ ද එලෙසින් ය.“ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මංගල සූත්‍රයෙහි සඳහන් උතුම් මංගල කරුණු තිස් අටෙන් පළමු කරුණ වන්නේ බාලයන් ආශ්‍රය නොකිරීම ය. එය සැනසීමට හේතු වේ. “බාල“ නම් තමාට වඩා වයසින් බාල, කුඩා දරුවන් හෝ ළමයින් හෝ නොවේ. ගුණයෙන් හා නුවණින් මඳ පුද්ගලයන් ය. පව් කරන්නන් ය. “කතාවට යන්න එපා ආශ්‍රය කරන්න එපා. ඔය මනුෂ්‍යයා ළඟටවත් යන්න එපා. මහා පව්කාරයෙක්“ තමන්ගේ චරිත ස්වභාවයට මෙවැනි නිගාවක් කරනවාට ඔබ කැමැති වෙන්නේ නැහැ නේ ද? එසේ නම් පස්පව් දස අකුසලයන්ගෙන් බැහැර වූ අයෙක් බවට පත්විය යුතු ය. බාලයෙක් වන්නට, ඇසුරට නුසුදුසු පුද්ගලයෙක් වන්නට හේතු වන කරුණු කීපයක් හඳුනා ගනිමු.

 

සම්බුදු සසුනේ චිරස්ථිතිය හා කාන්තා පැවිද්ද

ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේ වන්දනා කොට අවසර ලබා ගෙන ප්‍රජාපතී ගෞතමිය ඇතුළු පිරිස වෙත පැමිණියේ ය. බුදුරජාණන් වහන්සේ විසින් පැවසු මේ ගරුධර්ම අට ඔවුන් හට පවසා සිටියේ ය. අනතුරුව උන්වහන්සේ මෙසේ පැවසූහ. “ගෞතමියනි, ඔබ මේ අෂ්ට ගරුධර්මයන් පිළිගන්නේ නම්, එය ම ඔබ හට උපසම්පදාව වන්නේ ය.” එසමයෙහි තිලෝගුරු අපගේ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත්පුර වූ නිග්‍රෝධාරාම අසපුවෙහි වැඩ වසනා සේක. එහි පැමිණි මහා ප්‍රජාපතී ගෝතමී බිසව් තොමෝ අප සම්මා සම්බුදු රජාණන්හට වන්දනා කොට එකත් පසෙකට වූවා ය. එකත් පසෙක සිටි බිසව් තොමෝ බුදුරජාණන් වහන්සේට මෙසේ පවසා සිටියා ය. “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, තථාගතයන් වහන්සේ විසින් පනවා වදාළ උතුම් ධර්ම විනය ඇති බුදු සසුන තුළ කාන්තාවන් හටත් අනගාරික පැවිදි උපසම්පදාව ලැබෙන්නේ නම් මැනවි.” බුදුරජාණන් වහන්සේ ප්‍රජාපතී ගෞතමී බිසවුන් හට මෙසේ පිළිවදන් දුන් සේක. “නැත ගෞතමිය, තථාගත බුදු සසුන තුළ කාන්තාවන් හට ගිහි ගෙය අතහැර පැවිදි උපසම්පදාව ලැබීම ගැන ඔබ හට රුචි නොවේවා.” මහා ප්‍රජාපතී ගෞතමී බිසවුන් විසින් තුන් වරක් ම බුදු සසුනේ කාන්තාවන් හට පැවිදි උපසම්පදාව ඉල්ලා සිටිමුත් භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ අවස්ථා තුනේ දී ම එය ප්‍රතික්ෂේප කළ සේක.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]