|
|
ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ පොසොන් පුර පසළොස්වක පෝදා 2024 ජුනි 21 සිකුරාදා |
|||
වර්තමාන කන්දේ විහාරාධිපති හා අමෙරිකාවේ ප්ලොරිඩා බෞද්ධ මධ්‍යස්ථාන උභය විහාරාධිපති කළුතර දිස්ත්‍රික්කය හා බෙන්තරවළල්ලාවිට කෝරළයේ ප්‍රධාන සංඝනායක කොක්කාවිට විපුලසාර නාහිමියන් විහාරාධිපති ධුරය හොබවමින් අභිනව සංවර්ධන රැසක් සිදුකළ යතිවරයාණන් වහන්සේ ද වෙයි. දෙස් විදෙස් බෞද්ධ අබෞද්ධ ජනතාවට ප්‍රිය උපදවන, සැදැහැවතුන්ගේ සිත් ඇදගන්නා අයුරින් සිදුකළ විහාර කර්මාන්තය මනරම් ය. විහාරයට පිවිසෙන ප්‍රධාන මාර්ගය දෙපස නුවර පෙරහර සහ ජාතක කතා මනරම් ව මූර්තිමත් කර තිබේ. අභිනව බුද්ධ මන්දිරය , බුදු පිළිම වහන්සේ වටා නිර්මාණය කර තිබෙන රන්වැට ආරක්ෂාවට සුවිශේෂී වීදුරු ආවරණයක් ද වේ. සඳකඩ පහණ, බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිරිපිට සුවිසල් තෙමහල් තොරණ දුර්ලභ ගණයේ නිර්මාණ ය. අභිනව බුද්ධ මන්දිරය දෙපස මනරම් ව නිමවූ සිංහ රූප හා සැරියුත් මුගලන් පිළිම වහන්සේ මහත් වටිනාකමක් ගෙනෙයි. මෙම බුදු පිළිම වහන්සේ ඉදිකිරීමේ පුරෝගාමීත්වය දැරූ යතිවරයාණන් වහන්සේ දෙනම වන අපවත් වී වදාළ බටුවන්හේනේ බුද්ධරක්ඛිත හිමි සහ යටදොළවත්තේ අරියවංශ යන හිමිවරු දෙනමගේ අනුරුව දෙකක් ද ඉදිකර තැන්පත්කර තිබීම උන්වහන්සේ දෙනමටත් කරන මහා ගෞරවයකි. වත්මන් කන්දේ විහාරාධිපති නාහිමියන් වහන්සේගේ නිර්මාණ සහ සිතිවිලි මතින් මෙම සියලු සංවර්ධන කටයුතු සිදු කළ බව ද සිහිකළ යුතු ය. අනුශාසනා ගනු ලැබුවේ කොළඹ දිසාවේ උප ප්‍රධාන සංඝනායක ලේඛන ශූරි අරම ධම්ම තිලක නාහිමියන්ගෙනි.
ඓතිහාසික කන්දෙවිහාරයේ රන් ආලේපිත මෙම මනරම් බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ බුද්ධ මන්දිරය ඇතුළු විහාරාරාංගයන් මෙම 19 වැනි දින පස්වරුවේ මහා විහාර වංශික ස්‍යාමොපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක සාහිත්‍ය චක්‍රවර්ති ආචාර්ය නියංගොඩ විජිත සිරි අනු නාහිමියන් ඇතුළු මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් සිදු කෙරිණි. මෙම උතුම් පින්කමට පුණ්‍යාධාර ලබා දී දායකත්වය දැක්වූ බැතිමතුන් විශාල පිරිසක් ද වෙති. මෙම පින්බර අවස්ථාවට වැඩම කළ ගෞරවනීය මහා සංඝරත්නය ඇතුළු ගිහි පින්වතුන්, සැදැහැවතුන් උදෙසා පොසොන් පොහෝ දින, බුදු සරණ, පුවත්පත බෙදාදීමේ දායකත්වය බෙන්තොට ව්‍යාපාරික ගයාන් සිරිමාන්න මහතා විසින් දරන ලදී.
|
||||