[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සිරිලකට තිලක වූ අනුබුදු
සමිඳුනේ
හිමි ගුණ සුවඳ වැද අප හදවත
නිවුණේ
හිමි වත පියුමෙ සිසිලස සිරිලක
රැඳුණේ
හිමි ගුණ සයුරෙ කිමිදී සැනසෙමි
නිතිනේ
රත්නපාල වික්‍රමසිංහ

පොසොන්
පුර පසළොස්වක

ජුනි 21 සිකුරාදා පූ.භා. 07.32 පුර පසළොස්වක ලබා 22 සෙනසුරාදා පූ.භා. 06.38 ගෙවේ.
21 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 21

Second Quarterඅව අටවක

ජුනි 28

Full Moonඅමාවක

ජූලි 05

First Quarterපුර අටවක

ජූලි 13

 

ධර්ම රශ්මි හෝමාගම පොසොන් කලාපය

ධර්ම රශ්මි හෝමාගම පොසොන් කලාපය මෙම 21, 22, 23, යන දිනයන්හි දී අත්‍යලංකාරයෙන් පැවැත්වේ. දියගම, පිටිපන, දාම්පේ, මීගොඩ, ගොඩගම, පනාගොඩ, හෝමාගම ආවරණය කරමින් කිලෝමීටර 13ක පැතිරෙන මෙම පොසොන් කලාපය පහන්කුඩු තරග, දන්සල, සදහම් ගීත ප්‍රසංගය ඇතුළු සුවිශේෂී වැඩසටහන් ක්‍රියාත්මක වේ. සංවිධායකත්වය හෝමාගම ශාසනාරක්ෂක බල මණ්ඩලය, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනමාධ්‍ය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය, බස්නාහිර පළාත් සභාව, හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හෝමාගම ප්‍ර‍්‍රාදේශීය සභාව, හෝමාගම කලාප අධ්‍යාපන කාර්යාලය, ශී‍්‍ර ලංකා යුද හමුදාව හා ශ්‍රී ලංකා පොලිසිය එක්ව සිදු කරයි. මුද්‍රිත හා ඩිජිටල් මාධ්‍ය අනුග්‍රහය ලේක්හවුස් ආයතනයෙනි.

සිරි මිහිඳු බුදු පුතුන් නාමය ලෙහි දරා සසුන් මිහිර විඳ නිවී සැනසෙමු

“ස්වාමීනී ! භාග්‍යවතුන් වහන්ස, මේ ශාසන බ්‍රහ්මචර්යාවෙන් හරි අඩක් ම පවත්නේ කල්‍යාණ මිත්‍රයා මත යැයි හඟිමි “ යනුවෙන් වරෙක ආනන්ද හිමියන් විසින් බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කෙරිණි. එය ඇසූ බුදුරජාණන් වහන්සේ “ආනන්දය එසේ නොකියන්න. හරි අඩක් නොව මේ මුළු බ්‍රහ්මචර්යාව ම කල්‍යාණ මිත්‍රයා මත පවත්නේ ය “ යනුවෙන් වදාළහ. එය පරම සත්‍යයකි. අද අප සැනසෙන සම්බුදු සසුන දැයට දායාද කළ සිරි මිහිඳු බුදු පුතුන්ගේ කල්‍යාණ සෙනෙහස නොවන්නට මෙවන් පොසොන් උදානයක් නොවන්නට තිබුණි. තෙවලා දහම්කඳ හද රුවන් විමනේ සටහන් තබාගෙන මේ ලක් දෙරණට වැඩම කොට ඔබ වහන්සේ ලබා දුන් කරුණා ජීවය දෙවැනි වන්නේ මහා ගෞතම බුදු මුනිඳුන්ගේ මහා කරුණාවට ම පමණි. සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක පාරමී ගමනකින් ලොව්තුරු බුදු පදවි වැඩ පිහිටවූ බුදුසසුන අතුරුදන් නොවන ලෙස සුරක්ෂා කළේ මහා සංඝරත්නය යි. සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසක් ගතවන දා සිරි කසුප් බුදුපුතුන්ගේ ප්‍රධානත්වයෙන් සප්තපර්ණී ගුහා ද්වාරයෙහි පන්සියයක් පමණ රහතන් වහන්සේගේ සහභාගීත්වයෙන් පළමු ධර්ම සංගායනාව සිදුකොට තථාගත ධර්මයත්, ශාස්තෘ සාසනයත් මනාව ආරක්ෂා කරන ලදී. ඉක්බිති ව තථාගත පරිනිර්වාණයෙන් සියවසක් පිරෙන යුගයේ විසාලා වැසි වජ්ජිපුත්තක භික්ෂූහු දස අකැප වස්තුවක් ඉදිරිපත් කොට සසුන් පිළිවෙත අර්බුදයකට හෙලූහ. ඒ බව දුටු සබ්බකාමී මහා රහතන් වහන්සේ ප්‍රධාන සත්සියයක් පමණ රහතන් වහන්සේගේ සහභාගීත්වයෙන් විසල් පුර වාලිකාරාමයේ දී දෙවන මහා ධර්ම සංගායනාව පවත්වා ශාසන මල ධෝවනය කොට සසුන් පිළිවෙත පාරිශුද්ධ කළහ. සම්බුදු පිරිනිවනින් වර්ෂ දෙසිය දහ අටක් වන දා භාරත දේශයේ රජ පදවි පත් ධර්මාශෝක රජතුමා මෙතෙකැයි කිව නොහැකි පමණින් සිව්පස පූජා සිදුකොට බුදුසසුන නඟාසිටුවීමේ භාරය ඉසිලූහ. එහිදී පිරිහීගිය ලාභසත්කාර ඇති තීර්ථකයන් ජීවිකාව පතා සසුන් වැද නොයෙක් විසම දෘෂ්ඨීන් පතුරුවමින් නැවතත් සසුන් පිළිවෙතෙහි කසල හෙළන ලදී

සදහම් සිසිලෙන් ලක් මව සුවපත් කළ නියමුවාණෝ

මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ පා සෙවණෙහි ධර්ම විනය ශබ්ද ශාස්ත්‍ර පිළිබඳ පෘථුල දැනුමක් ලබා ගත් මිහිඳු මහරහතන් වහන්සේ ධර්මාශෝක මහරජතුමාගේ සහ වේදිසා දේවියගේ පුත්‍ර රත්නයක් වෙති. ධර්මාශෝක මහරජුගේ අනුග්‍රහයෙන් සිදුකෙරුණු තෙවැනි ධර්ම සංගායනාවෙන් පසු නවයක් වූ රටවල් සඳහා ධර්මදූතයන් වහන්සේ පිටත්කර හැරියේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස මිහිඳු මහරහතන් වහන්සේ ඉත්ථිය, උත්තිය, සම්බල, භද්දසාල යන තෙරවරුන් ද සුමන සාමණේරයන් වහන්සේ හා භණ්ඩුක නමැති උපාසකතුමා ද සමඟ ලක්දිවට වැඩම කළහ. සුමන සාමණේරයන් වහන්සේ වනාහි සංඝමිත්තා තෙරණියගේ ගිහි කල පුතණුවෝ ය. එකී දූත පිරිස මිහින්තලාවේ අම්භස්තලයට වැඩම කර සිටියදී මුව දඩයමේ ගොස් සිටි දේවානම්පියතිස්ස මහරජුට හමුවිය. එහිදී මිහිඳු මාහිමියන් විසින් තිස්ස තිස්ස යනුවෙන් ආමන්ත්‍රණය කරන ලදී. තමන්ගේ නම කියා මෙලෙස ආමන්ත්‍රණය කරන්නේ කවුදැයි බැලූවිට අම්බස්තලයෙහි වැඩසිටි මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන පිරිස රජුට දිස්විය. එහිදී මිහිඳු මහරහතන් වහන්සේ සමණාමයං මහාරාජ - ධම්ම රාජස්ස සාවකා - තවේව අනුකම්පාය - ජම්බුදීපා ඉධාගතා “මහරජතුමනි, අප ධර්ම රාජයන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමු. ඔබට ම අනුකම්පාවෙන් දඹදිව සිට මෙහි පැමිණියෙමු” ලෙස ප්‍රකාශ කරන ලදී. මෙහිදී තම අත තිබූ දුනු ඊතල බිම දමා දේවානම්පියතිස්ස රජු ඇතුලු පිරිස මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ පිරිසට ගෞරවාචාර පුද කරන ලදී. ඉන් අනතුරුව ධර්මය වටහා ගැනීමට රජතුමාට නුවණක් ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා මිහිඳු මහරහතන් වහන්සේ විසින් අඹ පැනය හා ඥාතීන් පිළිබඳ පැනය විමසන ලදී. රජතුමා විසින් එම පැනයන්ට ලබා දුන් පිළිතුරු පිළිබඳ සෑහීමකට පත් මිහිඳු මහරහතන් වහන්සේ, රජු ඇතුලු පිරිස සීලයෙහි පිහිටුවා චුල්ලහත්ථිපදෝපම සූත්‍රය දේශනා කළ සේක.

විචාරශීලී ජාතියක ඇරඹුම-පැවැත්ම තීරණය කළ බෞද්ධ සාරධර්ම අනාගතයට රැක ගනිමු

ලංකා සංස්කෘතිය ඉතා ගැඹුරින් නිරීක්‍ෂණය කරන කවුරු වුව ද එහි ස්වරූප ග්‍රහණයට, අනන්‍යතා ස්ථාපනයට මිහිඳු හිමියන්ගේ ලංකාගමනයේ ඇති වැදගත්කම වාද භේද හා විවාදයකින් තොරව පිළිගනු ඒකාන්ත ය. මිහිඳු හිමියන්ට ‘දීපප්පසාදක’, දීපසත්ථු හා ‘අනුබුද්ධ’ යන ගෞරව නාම යොදා ඇත්තේ ඒ නිසා ය. මහාචාර්ය කොටහේනේ පඤ්ඤාකිත්ති හිමියන්ගේ අදහස වූයේ මහින්දාගමනය ශ්‍රී ලාංකේය සංස්කෘතිය හැඩගැස්වීම සඳහා ගත් උසස් ම වෑයම ලෙසයි. සිංහලයා තුළ දේශාභිමානය, ජාති හිතෛෂීභාවය, ආත්ම ධෛර්යය, ක්‍රියාශූරත්වය, ශාස්ත්‍රාභිලාෂය, කලා රුචිය, පරිත්‍යාගශීලී ගුණය සහ සහනශීලී බව වැනි යහගුණ මිහිඳු හිමියන් අපට හඳුන්වා දුන් බුදුදහම නිසා ම ඇති වූ ඒවා ය. සිංහල සංස්කෘතියේ ආරම්භය මහින්දාගමනය බව මහාචාර්ය වල්පොල රාහුල හිමියන් ද පවසා තිබේ. උන්වහන්සේ එලෙස ප්‍රකාශ කරන්නේ මිහිඳු හිමියන් ලංකාවට රැගෙන ආවේ ආගමක් පමණක් ම නොව අංග සම්පූර්ණ ශිෂ්ටාචාරයක් බව පෙන්වා දෙමිනි. මහින්දාගමනයත් සමඟ ජනයාගේ සිතුම් පැතුම්, හැසිරීම් හා ක්‍රියාවල දැවැන්ත පෙරළියක් සිදු විය. දඩ කෙළියේ යෙදී සිටි රජුගේ අතින් දුනු ඊතල ගිලිහීමෙන් සංකේතවත් කළේ ප්‍රාණ වධය වෙනුවට ප්‍රාණ අගය සාරධර්මයක් ලෙස සැලකීමට රජුගේ සිට සමාජයට පිවිසි බවයි. මවක් තම දරුවා කෙරෙහි දක්වන මෙත් සිත හැම කෙනකු ම අන් අය කෙරෙහි ද දැක්වීම උසස් ගුණයක් සේ බුදුදහමේ උගන්වයි. මේ ගුණය ලක්වැසියන් ද පුරුදු පුහුණු කර ගැනීම නිසා මානව දයාව වැඩි දියුණු කර ගනු ලැබීය. සමූහයක් එක්රැස් වී එක අරමුණක් වෙනුවෙන් වාද භේද නොවී සමගියෙන් යුතු ව වැඩක් කරන සැටි අප සංස්කෘතියට ලැබුණේ මිහිඳු හිමි හඳුන්වා දුන් බුදුදහමට අයත් බෞද්ධ සාරධර්ම නිසා ය. මිහිඳු හිමි වැඩම කරන්නට පෙර සමූහ වශයෙන් එක්ව සිදු කළ කටයුතු විරල වන්නට ඇතැයි අපට පැවසිය හැක්කේ මිහිඳු හිමියන්ගේ දම් දෙසුම් ඇසීම සඳහා පිරිසකට රැස්වීමට ශාලා පහසුකම් නැති ව ඇත්හල, අස්හල පවා යොදා ගෙන තිබීමෙනි.කිසියම් තැනකට රැස් වන සමාජයේ ඉහළ සිට පහළට අයත් ජනයා සම ව හිඳගෙන බණ ඇසීමට වීමෙන් සාමූහිකත්වය හා සමානාත්මතාව මහින්දාගමනයේ ප්‍රතිඵලයක් නිසා ගොඩනැඟුණක් බව කිව යුතු ය.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]