[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ගංගොඩවිල සුභද්‍රාරාම අතුල රාජමහා විහාරය
ඡායාරූපය - නිශ්ශංක විජේරත්න

වෙසක් අව අටවක

මැයි 30 බ්‍රහස්පතින්දා පූ.භා. 11.44 අව අටවක ලබා 31 සිකුරාදා පූ.භා. 09.39 ගෙවේ.
30 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 30

Full Moonඅමාවක

ජුනි 06

First Quarterපුර අටවක

ජුනි 14

Full Moonපසළොස්වක

ජුනි 21

 

 

 

 

පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියෝ අග්ගමහාපණ්ඩිත ගෞරව උපාධියෙන් පිදුම් ලබති

මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ සීනාදී සිවු කෝරලයේ ප්‍රධාන සංඝනායක අත්තනගල්ල අරහත්ත රාජමහා විහාරාධිපති, මහනුවර මල්වතු මහා විහාරයේ උපාධ්‍යාය ධුරන්ධර, , අමෙරිකාවේ හියුස්ටන් බෞද්ධ විහාරයේ ආරම්භක විහාරාධිපති, තායිවානයේ ථේරවාදී බෞද්ධ විහාරයේ අධිපති, අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් බෞද්ධ විහාරයේ ලේඛකාධිකාරී, විද්‍යාලංකාර සභාවේ උප සභාපති “ශ්‍රී සද්ධර්ම ශිරෝමණී ධර්මකීර්ති ශ්‍රී ප්‍රඥාරාම” “ප්‍රවචන කීර්ති ශ්‍රී ලෝකත්ථචාරී සමාජ සේවා ශිරෝමණී” අතිගෞරවාර්හ ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමිපාණන් වහන්සේ වෙත බුරුම රජය විසින් පිරිනමනු ලබන අතිශය සම්භාවනීය වූ “අග්ගමහා පණ්ඩිත” ගෞරව සම්මානෝපාධිය ශ්‍රී බුද්ධ වර්ෂ 2567ක් වූ මැදින් මස පුර පසළොස්වක පොහෝ දින එනම් වර්ෂ 2024ක් වූ මාර්තු මස 24 වන ඉරුදින මියන්මාරයේ Nay Pyi Taw නුවර උප්පාතසන්ති චෛත්‍ය පරිශ්‍රයේ පිහිටි සාසන විමාන ශාලාවේ දී රාජ්‍ය ගෞරව සහිත ව පුද කරන ලදි. බුරුම (මියන්මාර්) රජය විසින් ථේරවාදී භික්ෂූන් වහන්සේ උදෙසා පිරිනමනු ලබන ගෞරව සම්මාන නාමයක් ලෙස අග්ගමහාපණ්ඩිත උපාධි නාමය හඳුන්වාදිය හැකි වේ. අග්ගමහාපණ්ඩිත යන නාමයෙන් ඔවුන් අර්ථවත් කරන්නේ “අති ගෞරවනීය හා බහුශ්‍රැත” යන්නයි. මෙම ගෞරව නාමය පුද කරනු ලබන්නේ බුද්ධ ධර්මය පිළිබඳ අතිබහුශ්‍රැත බවක් හා නුවණකින් හෙබි හෝ මහ ථෙර තත්ත්වයට පත් වූ මහා ස්වාමීන් වහන්සේට පමණි. මෙම නාමය සෑම වසරක ම ජනවාරි මාසයේ දී බුරුම රජයේ ප්‍රධානියා විසින් පුදකරනු ලබන අතර, ඒ සඳහා එම ස්වාමීන් වහන්සේට ඇති සුදුසුකම් එරට රාජ්‍ය සංඝ මහ නායක කමිටුව විසින් පරීක්ෂා කරනු ලබති.

සම්බුද්ධ චරිතයෙහි උතුම් ගුණාංග ජීවිතයට ආදර්ශයක් කර ගනිමු

ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයාණන් වන්නේ අප මහා ගෞතම බුදු රජාණන් වහන්සේ ය. මේ උන්වහන්සේගේ තෙමඟුල සිහි කරන වෙසක් සමය යි. සතර පෙර නිමිති දැකීමෙන් ජීවිතය පිළිබඳ කලකිරුණු සිදුහත් කුමරු විසි නව වැනි වියේ දී ගිහි ගෙයින් නික්මිණ. වසර හයක කාලයක් දුෂ්කරක්‍රියා කරමින් ගෙවූ අත්තකිලමථානුයෝගය සහ කාමසුඛල්ලිකානුයෝගය අතහැර මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරමින් බුද්ධගයාවේ ඇසතු බෝරුක මුල දී බුද්ධත්වයට පත් වූ හ. උන් වහන්සේ හතළිස් පස් වසරක් ලෝ වැසි ජනතාවට ධර්මය දේශනා කරමින් යහමඟට ගැනීමට කටයුතු කළ සේක . සුඛො බුද්ධානං උප්පාදො - සුඛා සද්ධම්ම දේශනා - සුඛාසංඝස්ස සාමග්ගී - සමග්ගානං සමො සුඛො. බුදුවරු මෙලොව පහළ වීම මහා සැපතකි, සද්ධර්මය දේශනා කිරීම සැපතකි, මහා සංඝ රත්නයේ සමඟිය මහා සැපතකි, සමඟියෙන් වෙසෙන පුද්ගලයාට තපස මහා සැපතකි. මේ බව ධම්මපදයේ බුද්ධ වග්ගයේ සදහන් වෙයි. අප මහ බෝසතාණන් වහන්සේ දස පාරමි, දස උප පාරමි, දස පරමත්ථ පාරමී සම්පූර්ණ කර අනාදිමත් කාලයක් මේ සංසාරයේ ඉපදී ඉපදී මිය යමින්, ඇස්, හිස්, මස්, ලේ දන් දෙමින් දාන පාරමී පුරමින්, නිර්වාණය අවබෝධ කර ගෙන උන්වහන්සේ ලොව්තුරා බුද්ධත්වයට පත් වුහ. උන්වහන්සේ ඉපදුණ අවස්ථාවේ සොබාදහම පවා ආශිර්වාද කළේ ය. සතර අපායවල ගිනි නිවී සිසිල් විය. මහ පොළොව ප්‍රීතියෙන් කම්පනයට පත් විය , දෙව් බඹුන් සාධුකාර දුන්හ. ජීවී අජීවී සියලු දෙනා නිවී සැනසී සතුටට පත් වන්නට වුහ.

ඉපැරැණි සිරිලකවෙසක් උත්සවය ආරම්භ වූ අයුරු

ශ්‍රී ලංකාව වූ කලි බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය ලත් පෙරදිග ලෝකයේ සුවිශේෂී රාජ්‍යයකි. ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ බෞද්ධ සංස්කෘතික හරපද්ධතීන් ප්‍රමාණවත් පසුබිමක් යටතේ ස්ථාපිත වූයේ ක්‍රි.පූ. 3 වැනි සියවසේ දී ය. එනම් බුද්ධ වර්ෂ 236 දී සිදු වු මහින්දාගමනයෙන් පසුව ය. එබැවින් බුදු සමයේ ආභාසය මත එතෙක් මෙරට පැවති සංස්කෘතිය බෞද්ධ සංස්කෘතිය බවට පරිවර්තනය විය. තත්කාලීන ව සමාජගත ව පැවති අභිචාරවිධි සියල්ලක් ද අනුක්‍රමයෙන් වෙනස් මඟකට අවතීර්ණ විය. බෞද්ධ ජීවන ප්‍රතිපදා මාර්ගයට අනුගත වූ ජනතාව ආගමික උත්සව පැවැත්වීම කෙරෙහි ද වැඩි රුචිකත්වයක් දැක්වූහ. අවිහිංසාව, සද්ධාව, භක්තිය හා බුද්ධිය පදනම් කර ගත් ආගමික උත්සව රැසක් ද ඒ හා සමඟ ම ආරම්භ විය. මෙම පූජෝත්සවයන් පැවැත්වීම තුළින් අපේක්ෂිත පරමාර්ථය වූයේ හුදෙක් ධාර්මික විනෝදය ලබා ගනිමින් කෙමෙන් කෙමෙන් බෞද්ධ ජීවන ප්‍රතිපදා මාර්ගයට ජනතාව අනුගත කරවීම යි. අනුක්‍රමයෙන් සංඛ්‍යාත්මක ව වැඩිදියුණු වී ගිය මෙබඳු උත්සව වසර පුරා ම මහත් හරසරින් පවත්වන තත්ත්වයක් පෙන්නුම් කෙරිණි. අනුරාධපුර යුගයේ පටන් ම ක්‍රමවත් පදනමක් යටතේ ඇරඹි මෙම උත්සව ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ තදින් ම මුල්බැස ගත්තේ ඒවායෙහි පවත්නා උසස් ආගමික, දාර්ශනික හා සංස්කෘතික වටිනාකම් නිසා ය. මෙම උත්සව අතර පාරම්පරික රාජ්‍ය චාරිත්‍රයක් වන වෙසක් උත්සවය ශ්‍රී ලාංකේය බෞද්ධයනට අන් හැම උත්සවයකට ම වඩා වැදගත් ය. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බුදුවීම හා පිරිනිවීම යන අවස්ථාත්‍රය සිහිකිරීම් වස් මැයි මාසයේ දී මෙම වෙසක් උත්සවය පැවැත්වෙයි. වෙසක් මඟුල අතිපුරාණ බෞද්ධ උත්සවයක් බවත්, ආදි කාලයේ පටන් ඉන්දියාවෙහි පවා පැවැත්වුණ බවත් චීන ජාතික පාහියන් හිමියන් ගේ දේශාටන වාර්තාවලින් හෙළි වෙයි.

කෙලෙස් ගිනි නිවන්නට බුදුගුණ භාවනාව

භාවනාව බුදුදහමේ අර්ථ දක්වා ඇත්තේ “කුසල ධර්මයන්හි සිත පුරුදු කරයි ද, වර්ධනය කරයි ද, ඒ අර්ථයෙන් භාවනාව නම් වේ” යනුවෙනි. කුසලය යනු නිවනට කේන්ද්‍රීය ධර්මයකි. එසේ ම කුසලය යනු ඉබේ වැඩෙන්නක් නොව දියුණු කිරීමෙන් ම ලැබිය යුත්තකි. ප්‍රධාන වශයෙන් භාවනා ක්‍රම දෙකක් බුදුදහමේ පෙන්වා දෙයි. එනම් සමථ භාවනාව සහ විදර්ශනා භාවනාව වශයෙනි. මෙම භාවනා ක්‍රම දෙකෙන් සමථ භාවනාවට අයත් දස අනුස්සති භාවනාවට අයිති බුද්ධානුස්සති භාවනාව මෙහිදී අවධානයට ගනු ලැබේ. බුදුරජාණන් වහන්සේගේ ගුණ අරමුණු කරමින් සිහිය පිහිටුවා ගැනීම බුද්ධානුස්සතිය නම් වේ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෙලෙසුන් දුරු කළ බැවින් ද, රාග, ද්වේශ ය, මෝහය භංග කළ බැවින් ද අරහං වන සේක. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විශිෂ්ට ඥානයෙන් යුතු ධර්මයක් දක්නා ලද හෙයින් සම්මා සම්බුද්ධ වන සේක. ත්‍රිවිද්‍යා, අෂ්ට විද්‍යා, පසළොස් චරණ ධර්මයෙන් සමන්විත බැවින් විජ්ජාචරණ සම්පන්න වන සේක. සුන්දර වචන ඇති බැවින්, සුන්දර නිවන් මඟට යොමු කරනා බැවින් සුගත වන සේක. කාමලෝක, රූපලෝක, අරූපලෝක යන තුන්ලොව තතු දන්නා බැවින් ලෝකවිදූ වන සේක. දමනය කළ යුතු පුරුෂයන් දමනය කළ බැවින් පුුරිසදම්මසාරථි වන සේක. දෙවි මිනිසුන්ට අනුශාසනා කරන ගුරුවරයා බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක. සියලු චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගත් බැවින් බුද්ධ වන සේක. පුණ්‍යවන්ත වූ භාග්‍ය ලක්ෂණ ලබන බැවින් භගවා වන සේක. ආදි වශයෙන් බුදුගුණ සිහි කළ යුතු ය.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]