සිරිමාවෝ බාලිකා විදුහලට
51 වසරක් සපිරීම නිමිත්තෙන්
පිරිත් පින්කමක් සහ දානමය පින්කමක්
කොළඹ සිරිමාවෝ බාලිකා විදුහලට වසර 51ක් සපිරීම නිමිත්තෙන් ආචාර්ය ජේ, සුමේධා ජයවීර
මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය පෙබරවාරි 22 වැනි දින සර්ව රාත්‍රික පිරිත් පින්කම
පැවැත්විණි. පෙබරවාරි 23 වැනි දින උදෑසන හීල් දානමය පින්කම පැවැත්වුණු අතර මේ උතුම්
පින්කම සඳහා හිටපු විදුහල්පතිනියන් සහ සියලු ශිෂ්‍යාවන් ,ආදි ශිෂ්‍යාවන් ඇතුළු
සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.

සටහන හා ඡායාරූප
නිශ්ශංක විජේරත්න |