Print this Article


දිළිඳු පවුල් සඳහා නිවාස ඉදිකිරීමේ වැඩසටහනක්

දිළිඳු පවුල් සඳහා නිවාස ඉදිකිරීමේ වැඩසටහනක්

කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පදිංචි ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන දිළිඳු පවුල් සඳහා නිවාස ඉදිකරදීමේ වැඩසටහනක් ඓතිහාසික රුහුණුූ කතරගම මහා දේවාලය මඟින් ආරම්භ කොට ඇත. කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මඟපෙන්වීම මත පරිත්‍යාගශීලින්ගේ ආධාර මත නිවාස ඉදිකිරීම සිදු කෙරේ. එම වැඩසටහනේ පළමු නිවාසය ඉදිකරදීම සඳහා මුල්ගල තැබීම සෙල්ලකතරගම ප්‍රදේශයේ දී ඉකුත් (24) වෙනි දා ආරම්භ කෙරිණි.

හිරෝෂ් ජයතිලක මහතාගේ මූල්‍ය අනුග්‍රහය මත ශ්‍රී ලංකා යුද හමුදාවේ 12 වන පාබල සේනාංකයේ ශ්‍රම දායකත්වය මත නිවස ඉදිකෙරේ.

නිවස ඉදිකිරීමේ ආරම්භක උත්සවයට රුහුණූු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශ්‍රී අභිනවාරාමාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත කපුගම සරණතිස්ස නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ, 12 වැනි පාබල සේනාංකාධිපති මේජර් ජෙනරාල් චමිල මුණසිංහ යන මහත්වරු සහභාගි වූහ.