Print this Article


ශිෂ්‍ය භිකෂූන් වහන්සේට ශිෂ්‍යත්ව පිරිනැමීම

ශිෂ්‍ය භිකෂූන් වහන්සේට ශිෂ්‍යත්ව පිරිනැමීම

මොනරාගල දිස්ත්‍රික්කයේ පිරිවෙන්වල ප්‍රාචීන අංශයේ ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට ශිෂ්‍යත්ව පිරිනැමීම ඉකුත් (26) වෙනිදා මොනරාගල බුත්කීරියගොල්ල රාජමහා විහාරස්ථ ශික්ෂාකර මූලික පිරිවෙනේ දී පැවැත්විණි. ඒ සඳහා යුරෝපා භික්ෂු සංගමය අනුග්‍රහය ලබා දී තිබිණි. මොනරාගල පිරිවෙන්වල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 54ක් විෂයෙහි රාජකීය පණ්ඩිත උපාධිය අවසන් වනතුරු මසකට රුපියල් තුන්දහස බැගින් ප්‍රදානය කිරීම සිදු කෙරිණි.

ඌව පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) මාපාකඩ පේමරතන, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වන කන්දඋඩපංගුවේ සුගතානන්ද, දෙබොක්කාවේ චන්දරතන යන ස්වාමීන් වහන්සේගේ සම්බන්ධීකරණයෙන් පැවති මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවය ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක කන්දඋඩපංගුවේ සුධම්ම නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.