Print this Article


වරකාපිටිය සද්ධානන්ද නාහිමි ප්‍රධාන අධිකරණ සංඝනායක පදවි ලබති

වරකාපිටිය සද්ධානන්ද නාහිමි ප්‍රධාන අධිකරණ සංඝනායක පදවි ලබති

ඉමදූව දිවෙල්ගොඩ පුරාණ මහා විහාරය, කුඩාගොඩ ශ්‍රී සංඝාරාමය හා වාහල කනංකේ පි‍්‍රය වික්‍රමාරාමය යන විහාරයන්හි අධිපති තල්පේපත්තුව ඇතුළු මාතර දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක වරකාපිටියේ සද්ධානන්ද නාහිමිපාණන් වහන්සේ මෙම මස 4 වැනි දින 71 වැනි වියට පා තැබූහ.

උන්වහන්සේගේ උදාර ශාසනික මෙහෙවර අගය කළ මහනුවර ස්‍යාමෝපාලි වංශික මල්වතු මහා විහාර සංඝ සභාව විසින් “ශාසන කීර්ති ශ්‍රී සංඝානන්ද” යන ගෞරව නාමය සහිත තල්පේපත්තුව ඇතුළු මාතර දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය වරකාපිටියේ සද්ධානන්ද හිමියන්ට පිරිනමන ලදි.

මේ අයුරින් බුදුසසුනේ චිරස්ථිතිය වෙනුවෙන් තම වටිනා දිවිය කැප කර ඇති අප නාහිමියන් වහන්සේ 71 වැනි වියට පා තැබීම නිමිත්තෙන් ඓතිහාසික නිදහස් දින උන්වහන්සේට දිඝාසිරි පැතීම පිණිස පින්කම් මාලාවක් සංවිධානය කොට තිබුණි. ඒ සියලු පින් බලයෙන් වරකාපිටියේ සද්ධානන්ද නාහිමිපාණන් වහන්සේට නිදුක් නීරෝගි සුවය හා චිර ජීවනය ප්‍රාර්ථනා කර සිටින අතර බොහෝ කලක් සසුන් වැඩ වඩන්නට අවැසි ශක්තිය හා ධෛර්යය ලැබේවා’යි පතන්නෙමු.