Print this Article


අම්මා මොනවද කළේ?

අම්මා මොනවද කළේ?

හැමටම කලින් බිම පැදුරෙන් නැඟිට සිටින්
අන්තිමයටයි නිදියන්නේ කවුද දිටින්
ගෙදරක මහ සුමේ අහවර කරයි තුටින්
“වෙහෙසයි මේව මට බැහැ” කීවාද කටින්

රස මදිවී කෑම අප්පා සැර දාන
දරුවෝ කවා ගන්නට බලනව මාන
දංකුඩ ඩිංගකින් ඇය කුස පුරවාන
අම්මගෙ දුක ගෙදර විමසුමකට නේන

ඉරිදට පොළට ගොස් බඩු ලාබෙට හොයන
සැමියා උපයනා දෙය නිසි පිරිමහන
මුළු දිවියම පවුල වෙනුවෙන් කැප කරන
“මොනවද කළේ” යැයි යමි දරුවන් අහන