Print this Article


හැකි නොහැකි සිල්වත්තු

හැකි නොහැකි සිල්වත්තු

බුදුන් පුදන්නට
අටවිසි පූජාවට
ඇවිත්
සිත් පහදවා ගෙන
සිල්වත්තු
බණමඩුවෙ පැදුරේ
උච්චාසයනයේ ඉඳන්
චිඤ්චිමානවිකාවියෝ
එකිනෙකා පරයමින්
පතනවා නිවන්සුව
බණට වැඩි හිමියෝ
දෙසුවා මෙලෙස
ධනංජය සිටුතුමා
විසාඛාවට දුන්
අවවාද දසසින්
එකක් මෙලෙස ය
උස් අසුන්හි හිඳීම
සුවයක් නොවේ
සුවසේ හිඳීම නම්
මිටි අසුනක හිඳීම ය”