Print this Article


බුදුරජාණන් වහන්සේ

බුදුරජාණන් වහන්සේ

සුදොවුන් රජතුමා පිවිතුරු පිය තුම වුවා
මහමායා දේවිය නිර්මල මව්තුමි වූවා
සිදුහත් කුමරු මෙම දෙපළගෙ පුතු වූවා
මෙම පුත් කුමරු මරු පරදා බුදු වූවා

ගෞතම නමින් බුද්ධත්වය ලැබු සේක
දෙසුදහම සතහට සැනසුම දෙන සේක
කරුණා ගුණය පෑ හට සුනීත සෝපාක
බවයට තිත ගෞතම මුනිඳු තැබූ සේක

මුනිදුන් තමයි සද්ධර්මය භාර කරු
බුදු බව පිණිස සසරේ පාරමී පිරූ
පැරදූ සේක ඝොර සසරේ රුදුරු මරු
මුනිඳුනි ඔබයි මේ ලෝකේ දිලෙන හිරු