වාද්දුව තල්පිටියේ දළදාවත්ත පුරාණ
මහා විහාරස්ථානයේ ජ්‍යෙෂ්ඨ පුරවැසි සමිතියේ 17 වන සංවත්සර
මහා සභා රැස්වීම පසුගියදා පැවැත්විණි. එම සමිතියේ පැවිදි
ගරු අනුශාසක ස්වාමීන් වහන්සේ වන දළදාවත්ත මහා විහාරයේ
විහාරාධිපති, විශ්‍රාමලත් පරිවේණාධිපති රයිගම් කෝරළයබද
පානදුර තොටමුණේ ප්‍රධාන සංඝනායක තල්පිටියේ චන්දරතන නායක
ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි සමිතියේ සාමාජික
සාමාජිකාවන් විසින් එම මහා විහාරස්ථ ධර්මශාලාවේදී දසනමක්
විෂයෙහි සාංඝික මහා පින්කමක් පවත්වන ලදී. එම පින්කමට
සහභාගි වූ සමිතියේ සාමාජිකාවන් මහා සංඝරත්නය සමඟ
ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාව.
වාද්දුව සංචාරක - ඩබ්. එම්.එන්. යූ. විජේනායක |