පසුතැවීම
සුවඳක් නෑ සතුටක් නෑ
සිත ගින්නෙක දැවෙනා
අඳුරු කුටියෙ නෙත කඳුළින්
මැරි මැරී උපදිනවා,
තැටි පිඟානෙ ගිගුරුම් හඬ
ගල් වැලි පොරකන්නේ
තිබහට දෝතට නොවැටී
ලෝදිය ළයේ ගලන්නේ.....
ගිනි හඬ සඳ කිරණ ළඟයි
පූරුවේ කළ පාපෙන්දෝ
මැරී වැටෙයි මගෙ සිත තව
හන්දියේ කඩමණ්ඩියේ
මිතුරන් සතුරන් ළඟ නෑ
උණු කඳුළුයි ගත වෙලෙන්නේ
අඳුරු කුටියේ මැරි මැරී සිත
තව කොපමණ කල් මැරෙන්නේ........
මට බැහැ මගෙ සිත මරන්න
මම හොඳ මිනිහෙක් වෙනවා
පුංචි පුතුට සුදු දෝනිට
වරදක් නෑ සිත් බිඳකට
බුදු බණ ඇසෙනවා ඈතින්
කළ කම් පල දෙන වදනින්
කෙලෙස ද හිමියනේ මිදෙන්නේ
සිත කළ මේ පාපෙන්....
නීතිඥ
කීර්ති කපුවත්ත
රිදීගම |