Print this Article


හිමි අනුරුව

හිමි අනුරුව

ගැලුවේ මුහුද ගොඩ සේසත සේදෙන්න
බැලුවේ නොමැත දෙවියන් රට බේරන්න
හෙලුවේ සුසුම් වේරම්භය පරදන්න
ගැලුවේ කඳුළු නව සයුරක් උපදන්න

මවට ද පියාට ද දරුවන් අහිමි විය
දරුවන් හට ද මව්පියවරු අහිමි විය
ජීවන ගමන් මඟ ඉදිරිය අඳුරු විය
සාගර යකුන් ඒ තරමට රුදුරු විය

මිනිසත් ගුණය මතු විය මෙම විනාශයෙන්
මනුසත් දහම ඔපවත් වුනි සුනාමියෙන්
දිරිමත් කරන්නට අසරණ අනාථයින්
ගුණවත් මිනිස් හද උණුවිය නිමේශයෙන්

සිරිමත් අසිරිමත් සිරියක මිහිතලයේ
‘මනුසත්වයේ දෙවියන්’ මතුවිය හෙළයේ
එනමුත් තැනින් තැන මේ ව්‍යසනතලයේ
මරුමුස් යකුන් මතුවූවලු මනු කුලයේ

ගස් ගල් ගෙවල් දොරවල් ඈ සියලු දෙය
බස් ලොරි කාර් දුම්රිය සුනු විසුණු විය
විස්තර කළ නොහැකි පුදුමෙක මහ ‘සිරිය’විය
සිත් සනසමින් හිමි අනුරුව ඉතිරි විය