[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

සාමූහික සිතිවිලි සමාජයක ස්ථාවරය ගොඩනඟයි

බුදු දහමෙහි ඉගැන්වෙන සුවිශේෂී ධර්ම සතරකි සතර සංග්‍රහ වස්තුව. දහමෙහි ඒවා පෙන්වන්නේ දානය, පි‍්‍රයවචනය, අර්ථචර්යාව, සමානාත්මතාව ය යනුවෙනි. මේ ධර්මතා සතර ධර්මානුකූල ව රටක් පාලනය කරන රජකුට, එසේම යම් ආයතනයක් මෙහෙයවන ප්‍රධානියකුට පමණක් නොව ගම් ප්‍රධානියෙක් හට, නිවසක මූලිකයකුට ස්වකීය පාලනය නිසි ලෙස මෙහෙයවා ගැනීමට අතිශයින් වැදගත් ය. ඕනෑම සමාජයක් සැකසෙන්නේ ඒ ඒ පුද්ගලයන් සාමූහික ව එක්වෙන විට ය. මේ සංග්‍රහ වස්තූන් වෙන් වෙන් වශයෙන් අධ්‍යයනය කරන විට ඒවා මුළු මහත් සමාජ තලයේම ප්‍රගතියට හේතුවන බව මැනවින් පැහැදිලි වේ. සංග්‍රහ වස්තු අතර මුලින්ම දක්වන්නේ දානයයි. එතැනින් අදහස් කරන්නේ තමන්ට අයිති දෙයක් තවත් කෙනකුට ප්‍රදානය කිරීමයි. එය පූජා බුද්ධියෙන් හෝ අනුග්‍රහ බුද්ධියෙන් කළ හැකි ය. ලොව පවතින උතුම් ක්‍රියාව ද, දුෂ්කරම ක්‍රියාව ද දානය යැයි කිවහොත් එය ඉතා නිවැරැදි ය. සම්මා සම්බෝධිය පතා පාරමී දම් සපුරන බෝසත් උතුමෙක් ඒ සඳහා මුලින් ම තෝරා ගන්නේ දානයයි. ඒ ඇයි? දානය තුළින් ලෝභය දුරින් ම දුරු වී ගිය කල සත්‍යාවබෝධය ලැබෙන බැවිනි. ඒ වාගේම රටක් පාලනය කරන රජෙකුට සම්මත කළ රාජධර්ම දහයක් ඇත. ඒවා දස රාජ ධර්මයි. මේ දසරාජ ධර්ම අතර ද දානය මුල්තැනට ගෙන ඇත. සෑම බෞද්ධයෙක් ම අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති දහයක් ධර්මයේ ඉගැන්වේ. දස පුණ්‍ය ක්‍රියා යනුවෙන් පෙන්වන ඒ පුණ්‍ය ක්‍රියා අතර පළමු වැන්න දානයයි. අභය දානය, ආමිෂ දානය, ධර්ම දානය ආදී වහයෙන් දාන ප්‍රභේද දක්වා ඇත. විපතට පත් සත්වයන් ඒවායින් මුදා ජීවිත දානය දීම අභය දානයයි. එසේම ආහාරපාන ගෘහ වස්ත්‍ර ඖෂධ ආදී විවිධ දෑ අන් අයට ලබා දීම ආමිෂ දානයයි. ශ්‍රේෂ්ඨතම දානය ලෙස සලකනු ලබන්නේ ධර්ම දානයයි. තථාගත ධර්ම ලාභාපේක්ෂාවෙන් තොරව දේශනා කිරීම, එසේම ධර්ම ග්‍රන්ථ ජනී ජනයා අතරට පත්කිරීම ආදී සද්කාර්යයෝ ධර්ම දානය ලෙස සැලකේ. පිළිසඳරෙහි යෙදෙන්නට බොහෝ දෙනා කැමැත්තක් දක්වති. එහෙත් උතුම් පිළිසඳර තථාගත දහමෙහි පෙන්වා දී ඇත. ඒ මෙසේ ය.


උඳුවප් අව අටවක

ජනවාරි 03 බදාදා අ.භා. 07.48 අව අටවක ලබා 04 බ්‍රහස්පතින්දා අ.භා. 10.03 ගෙවේ. 04 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 04

Full Moonඅමාවක

ජනවාරි 11

First Quarterපුර අටවක

ජනවාරි 18

Full Moonපසළොස්වක

ජනවාරි 25


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]