Print this Article


නුවණැස පහළවිය

නුවණැස පහළවිය

වෙසක් සඳ පායලා සොමිසඳ කිරණ පැතිරුණ වෙලා වේ
තුෂර කැට රොද ගුවන් තලයෙන් පතිතත වුණ මිහිතලා වේ
සුවඳ පැතිරුණ මදාරා පරසතු කුසුම් රැඳි වලා වේ
පොකුරු වැසි බිඳු වසින්නේ ඒ ගයා සිරසෙහි මනු ලො වේ

අවිදු අඳුරක ගිලුණ සත්වග සසර කරදිය වළල් ලේ
එතෙර කරවන තිර අදිටනින් මුනිඳු තනිවිය බෝ මු ලේ
පැමිණි මරබල කැපු සාරාසංඛෙය්‍ය පාරමි බලේ
අරුණ වේලෙහි සියලු නුවණැස පහළ කළ සම්බුදු බලේ