[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

වස්සාන සමයේ පින් සිතින් පින් පුරමු

වස්සාන සමයේ පින් සිතින් පින් පුරමු

අද අපි මේ ගත කරමින් සිටින්නේ ගෞතම බුදු සසුනේ උතුම් ශ්‍රාවක සංඝරත්නය වැඩ සිටින යුගයක යි. මේ උදාවී ඇති වස් කාලය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස ලෙස පිනෙන් පිරුණු කාලවකවානුවක් ලෙස අපට ගතකරන්න පුලුවන්.

ඒ සඳහා අපි තෙරුවන් කෙරෙහි පහදින්න ඕන. මේ කාලයේ ශ්‍රාවක සඟරුවන කෙරෙහි වඩාත් සිත පහදවා ගන්න ඕන. මේ වස්සාන කාලයේ අපේ විහාරස්ථානයේ වැඩ සිටින සඟ රුවන කෙරෙහි සිත පහදවා ගෙන උපස්ථාන කරන්න පුලුවන් කාලයක්. ගිලන්පස බෙහෙත් පිරිකර පූජා කර ගන්න පුලුවන්. සක්මන්මළු, විහාරස්ථාන දිරාපත් වෙලා නම් ඒවා අලුත්වැඩියා කර දෙන්න. ඇතැම්විට ඔබට මේ කිසිවක් කර ගන්න නොහැකි මිලමුදල්, කාලය,කිසිවක් නැති කෙනෙක් වෙන්න පුලුවන්. ඒත් ඔබට පුලුවන් නම් තව කෙනෙක් කරන ඒ පින සතුටු සිතින් සාධු කියා අනුමෝදන් වෙන්න ඒකත් උදාර පිනක්. ඒ වගේම යම් කෙනෙක් මේ වස් කාලයේ යම් සංඝ උපස්ථානයක් කරනවා කියා ඔබට අහන්න දකින්න ලැබුණොත් ඒ පින සාධූ කියා අනුමෝදන් වෙන්න. ඒ පිනේ අඩුපාඩු සොයන්න එපා. ඒ පිනට ගරහන්නත් එපා. වචනය වරද්දවා ගන්නත් එපා.

අපට පුළුවන් වුණොත් මේ වස් සමයේ සිදුවන කඨින චීවර පූජාව සම සිතින් අනුමෝදන් වෙන්න. එහි විපාක සම ලෙස ලැබෙනවා. එනිසා මේ වස් කාලයේ එකී ගුණයන් හෝ පුරුදු කරන්න උත්සුක වෙමු.

ඒ සඳහා මූලික වන්නේ අධිෂ්ඨානය සහ උත්සාහය යි. අප අධිෂ්ඨාන කර ගත් ඒ ගුණය පුරුදු කරද්දී අපට නොයෙක් අභියෝග එන්න පුළුවන්. කරදර දුක් පීඩා එන්න පුළුවන්. ඒ සියල්ල විඳ දරාගෙන පහන් සිතින් ඉවසීමෙන් ඒ පින රැස්කර ගත්තොත් මේ ලෝකය වගේම පරලොවත් දිනන්නට පුලුවන්කම ලැබේවි.

එනිසා මේ ගෞතම බුදුසසුන බබළවමින් එදා මෙන්ම අදත් වැඩ සිටින ශ්‍රාවක සංඝරත්නය, ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩා සියලු සසර දුක්ගිනි නිවාගත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොටගෙන අප කෙරෙහි අනුකම්පාවෙන් ම ශ්‍රී සද්ධර්මය වදාරණ, කෙතරම් දුර සිට නමුත් දන්පැන් පුදා පින් රැස් කර ගැනීමට සුදුසු, ආගන්තුකව වැඩිය ද දන්පැන් පුදා පින් රැස් කර ගැනීමට සුදුසු, දෑත නළලේ තබා වන්දනාවට, පූජෝපහාරයට සුදුසු, ලොවේ අනුන්තර වූ පින්කෙත වූ අල්පේච්ඡ ගුණයෙන් බැබළුණු, ලද දෙයින් සතුටු වුණූ, හුදකලා විවේකයට ඇලුණු,ූ පිරිස් සමඟ නො ඇලුණු, නො ගැටුණු, සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් බැබළුණ ඒ සංඝරත්නයේ ගුණ සිහි කරමින් අප ඒ සංඝරත්නය පුදමු. උපස්ථාන කරමු. වස් සමයේ අප්‍රමාණ පින් රැස් කර ගනිමු.

නිකිණි අමාවක

සැප්තැමිබර් 14
බ්‍රහස්පතින්දා
පූ.භා. 04.51 න් අමාවක ලබා
15 සිකුරාදා පූ.භා. 07.11 න් ගෙවේ.
14 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 14

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 29

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]