Print this Article


හරි දේ හිතන්න හරි දේ කරන්න

හරි දේ හිතන්න හරි දේ කරන්න

ලද දෙයින් සතුටුවීම ඉතාම උසස් ගුණාංගයක්. අපට ලැබෙන්නේ යම් දෙයක් ද ඒ දෙයින් සතුට සෑහීමට පත් වෙන්න අවශ්‍ය කරනවා. නමුත් ලද දෙයින් සතුටුවීම කියන කාරණය හුඟක් අය භාවිත කරන්නේ වැරැදි අර්ථකථන ඇතිවයි.

ඒ වගේම තමයි කම්මැලියාත් ලද දෙයින් සතුටුවීම කියන මේ වටිනා අදහස භාවිත කරනවා.

එය බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ කියලා දීලා තිබෙන ලද දෙයින් සෑහීමකට පත්වෙනවා කියන අදහස නොවෙයි.

බුදු දහම ඊට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් කියා දෙන්නේ. ඒ ඉගැන්වීම වරදවා ගෙනයි තිබෙන්නේ. ලද දෙයින් සෑහීමකට පත්වෙනවා කියන්නේ තමා උපරිම වශයෙන් උත්සාහ දරන්න ඕනෑ. ඒ වගේම උත්සාහයෙන් තමාට ලැබෙන දේ පිළිබඳ සතුටු වෙන්න පුළුවන් මනුස්සයෙක් වෙන්නත් ඕනෑ. ඇතැම් අය කො තරම් දේ තිබුණත් කවදාවත් සතුටින් ජීවත් වෙන්නේ නෑ. කොතරම් හරි හම්බ කළත් කවදාවත් සිතේ සතුටක් නෑ. ඇතිවීමකුත් නෑ. එහෙම නොවී සතුටින් සෑහීමකට පත්ව ජීවත් වෙන්නයි මේ බණ පදය තුළින් උගන්වා තිබෙන්නේ.