[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ උපසම්පදා පුණ්‍ය මහෝත්සවය

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාව පහතරට පවත්නා පැරැණිම මහා සංඝ සභාව ය. 1856 වසරේ සිට මේ දක්වා වසර 166ක කාලයක් උපසම්පදා විනය කර්මය පවත්වා ගෙන එනු ලබන ස්වාධීන සංඝ සංස්ථාවකි. ලක්දිව නා නා දිසාවෙහි දහස් ගණන් උපසම්පදා භික්ෂූන් ඇතිවීමෙන් ධර්ම විනය ශබ්ද ශාස්ත්‍රාදිය හැදෑරීම ද ක්‍රමයෙන් ව්‍යාප්ත වන්නට විය. දුර බැහැර සිට මඟතොට පහසුකම් නැතිව පා ගමනින් සති ගණන් තිස්සේ මහනුවර යෑම ඊම උපසම්පදාවට සහභාගි වන සැමට මහත් පීඩාවක් විය. විනය කර්ම පිළිබඳ අවබෝධයක් පරිචයක් ලබා දීමේ අවශ්‍යතාවය ද 19 වන සියවසේ සීමා වාද, අධිමාස වාද, බුද්ධ වර්ෂ වාද ආදී තත්කාලීන උගතුන් විසින් ධර්ම ශාස්ත්‍රීය විවාද රාශියක් සිදු කරනු ලැබීම නිසා එකල පහතරට පුරෝගාමීව වැඩසිටි ගණාචරිය බෙන්තර වනවාස රාජමහා විහාරාධිපති බෙන්තර අත්තදස්සී මා හිමි, කෝට්ටේ රාජමහා විහාරාධිපති මලිගස්පේ මංගලාභිධාන කොළඹ නව කෝරළයේ සහ නව තොටමුණේ ප්‍රධාන සංඝනායක මාහිමි, මහඅරුග්ගොඩ ඉන්දසරාරාමාධිපති පානදුරේ සුමංගල මාහිමි රත්මලාන පරමධම්මචේතිය විහාරාධිපති සාර්ව භෞම පණ්ඩිත වලානේ සිරි සිද්ධාර්ථ මාහිමි යන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ බු.ව. 2398 (ක්‍රි.ව. 1855) පොසොන් මස කෝට්ටේ රාජමහා විහාරස්ථානයට රැස්ව බුදුන් වහන්සේගේ පහස ලද කැලණි නදියේ උපසම්පදා කිරීමේ අදහසින් කල්‍යාණි නාමය ද සංඝයාගේ සාමගි‍්‍රය ම අපේක්ෂා කළ බැවින් සාමගී‍්‍ර යන නාමය ද තබා සංඝ සභාවක් පිහිටුවනු ලැබීය. ක්‍රි.ව. 1856.06.22 පළමු උපසම්පදාව අරඹා දහස් සංඛ්‍යාත සාමණේරයන් වහන්සේ උපසම්පදා සීලයෙහි මේ දක්වා පිහිටුවනු ලැබේ. 19,20,21 යන දිනවල අග්ගමහා පණ්ඩිත සාහිත්‍ය සූරී ආචාර්ය ඉත්තෑපාන ධම්මංලාකාර මහා නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ සානුනායක ගරුතර කාරක මහා සංඝ සභාව කෝට්ටේ රාජමහා විහාරස්ථ ඓතිහා මංගල උපෝසථාගාරයේ දී උතුම් උපසම්පදා විනය කර්මය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇත


අධි ඇසළ අව අටවක

ජූලි 09 ඉරිදා අ.භා. 08.06 න්
අව අටවක ලබා 10 සඳුදා
අ.භා. 06.51 න් ගෙවේ.
10 සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 10

Full Moonඅමාවක

ජූලි 17

First Quarterපුර අටවක

ජූලි 25

Full Moonපසළොස්වක

අගෝස්තු  01


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]