Print this Article


වලේබොඩ ගුණසිරි අනු නා හිමිපාණන් වහන්සේ වෙත පදවි ප්‍රදානෝත්සවය

වලේබොඩ ගුණසිරි අනු නා හිමිපාණන් වහන්සේ වෙත පදවි ප්‍රදානෝත්සවය

පසුගිය 14 වැනි දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී සම්භාවනීය උත්සවයකින් මහා විහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය අනුනායක පදවිය වලේබොඩ ගුණසිරි අනු නා හිමිවෙත ප්‍රදානය කරන ලදී. මෙම සම්පූජනීය අවස්ථාවට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන තෛ‍්‍රනිකායික මහා නායක, අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු සංඝරත්නයේ වැඩම කිරීම සිදු වූ අතර, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අක්තපත්‍රය පිළිගැන්වීම සිදුවිය. විජිනිපත පිළිගැන්වීම සිදුකරන ලද්දේ අග්‍රවිනිශ්චයකාර ජයන්ත ජයසූරිය මහතා විසිනි. මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මැති ඇමැතිවරුන්ද විදෙස් තානාපතිවරුන් ද රාජ්‍යතාන්ත්‍රිකයින් ද සහභාගී වූහ.