Print this Article


සති පාසලේ දරුවා

සති පාසලේ දරුවා

ආවත් සිතට යට ගියදේ පිළි නොගමි
ගිලී අනාගත සරු සිහින නොදකිමි
වත්මන තුළම සිත රඳවා වැඩ කරමි
සඵල ජීවිතය එය බව අත්දකිමි

ගුරු සිත නොරිදවා පන්තියෙ වැඩ කරමි
පැවරෙන සියලු දේ සතුටින් ඉටු කරමි
බුදු සිරිතට අනුව චරිතය හැඩ ගසමි
බුදු දහමේ හරය සතියම බව දනිමි

ජීවන ගැටලු කමටහනක් ලෙස ගනිමි
විසඳුම් එළඹ සිටි සිහියෙන් සොයා ගමි
හැම පැනයකම විසඳුම ඇති බව සිතමි
වියත් අවවාද ගැන සිත යොමු කරමි