Print this Article


සංසාර තැටිය

සංසාර තැටිය

රාග දෝස මෝහ නම්
ගින්නෙන් නිති දැවෙනා
තැටියේ රත්වූ තැන් අතරින්
එහාට මෙහාට දුව පනිමින්
සත්වග ලොවෙහී
සොයනවා සිසිලැති තැන් තැටියේ

රත්වෙන විටදී සිසිල් වූ තැන්
එහෙට මෙහාට දුව පනිමින්
සත්වග ලොවෙහී
සොයනවා සිසිලැති තැන් තැටියේ

රත්වෙන විටදී සිසිල්වූ තැන්
එහෙට මෙහෙට දුව පනිමින්
පෙර තැනටත් යළි පනිමින්
සොයති සොයති නිති සිසිලැති තැන්

අවසානේ දී.........
තැටියේ සැමතැන් රත්වූ විටදී
දැවෙති දැවෙති උන් නිති දැවෙතී

එනමුදු ගැලවුම උදෙසා
තැටිය පූර්ණව හැරදා
යන්නට නිසි මං නොම සොයතී

උකටලි වී හෙම්බත් වී
සදාකාලිකව ම දැවෙමින්
තැටිය බදාගෙන සිටිතී