Print this Article


අගලකඩ සිරිසුමන නාහිමියෝ අධිකරණ සංඝනායක ධුරයෙන් පිදුම් ලබති

අගලකඩ සිරිසුමන නාහිමියෝ අධිකරණ සංඝනායක ධුරයෙන් පිදුම් ලබති

මොරටුව, ලුනාව, උයන පාර ශ්‍රී බෝධිරාජාරාමාධිපති මොරවක දංගල කළුබෝවිටියන රුවන්කන්ද රාජමහා විහාරාධිකාරි, කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය අගලකඩ සිරිසුමන නාහිමියන් වෙත මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන් වහන්සේ ප්‍රමුඛ සානුනායක කාරක සංඝ සභාව වෙතින් “සාහිත්‍ය ප්‍රවචන කීර්ති ශ්‍රී ධර්මරක්ෂිත” ගෞරව නාමය සහිතව බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධුරය පිරිනමා ඇත.