[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

ප්‍රතිපත්ති පූජාවෙන් වෙසක් සමරමු

ප්‍රතිපත්ති පූජාවෙන් වෙසක් සමරමු

බුදු දහමට අනුව ආමිෂ පූජාව හා ප්‍රතිපත්ති පූජාව ලෙස පූජා වර්ග දෙකකි. ආහාර-පාන, ඇඳුම්-පැළඳුම්, ඉඩකඩම්, යාන වාහන, ගේදොර, වතුපිටි, දානමානාදී මෙකී නොකී බොහෝ දේ අපට දන් දිය හැකි ය. ඒ සියල්ල ආමිෂ පූජාවට අයත් වේ. සිල්වත් ව ගුණවත් ව බුදුරජාණන් වහන්සේගේ දහම අනුව ප්‍රතිපත්ති ගරුක ව, ධාර්මිකව ජීවත් වීම ද පූජාවකි. එය ප්‍රතිපත්ති පූජාව ලෙසින් හැඳීන්වේ.

අද වන විට ලංකාවාසී බොහෝ දෙනා වෙසක් පොහෝ දිනය උත්සවයක් ලෙස සැමරීමට පුරුදු ව සිටිති. රාජ්‍ය වෙසක් උත්සවයක් පවා පවත්වති. ලොකු කුඩා සියලු විහාරස්ථාන ඇසුරු කරගෙන වෙසක් සැමරීම සිරිතකි. සීල සමාදාන පින්කම්, භාවනා වැඩසටහන්, භක්ති ගීත, පහන් පූජා, බෝධිපූජා, මල් දන්සල් ආදී බොහෝ පින්කම් විහාරස්ථාන කේන්ද්‍ර කරගෙන සිදුකරන අතර බොහෝ ගම්වල මෙන් ම නගරවල ද වෙසක් උත්සවය සමරති. දහම්පාසල්, පාසල්, සමිති සමාගම්, මෙන් ම රාජ්‍ය හා පෞද්ගලික ආයතන පවා වෙසක් සැමරීමට අමතක නොකරති. ආමිෂ හෝ ප්‍රතිපත්ති පූජාවල යෙදෙති.

විශේෂයෙන් තරුණ පිරිස් වෙසක් පහන්කූඩු, වෙසක් තොරණ, දන්සල්, භක්ති ගීත ප්‍රසංග ආදිය සංවිධානය කරති. අද වන විට පින්කම් ඉක්මවා ගොස් පව්කම් රැස්කරන උත්සව බවට සමහර ඒවා පත්ව තිබීම කනගාටුවට කරුණකි. වෙසක් තොරණ පිටුපසට වී මත්වතුර බොන පුද්ගලයෝ ද, වෙසක් පෙරහරේ මත්වතුරින් මත් වී ගමන් කරන අය ද, මහා දන්සලක් දී වටිනා පින්කමක් සිදුකොට අවසානයේ රාත්‍රියේ සංවිධායක මණ්ඩලය රැස් වී මත්වතුර බොමින් ප්‍රීති වන උත්සව ද අප සමාජයේ බොහෝ විට දක්නට ඇත.

කුඩා දරුවන් පටන් බොහෝ අය පහන් කූඩුවක් සාදා නිවසේ ඉදිරිපිට එල්ලා සතුටුවීම, විදුලි බුබුළු කිහිපයකින් නිවස අලංකාර කිරීම, සිසිල් බීම, අයිස්ක්‍රීම්, කෑම ජාති මොනවා හෝ දන්සලක් දෙමින් බුද්ධාලම්බන ප්‍රිතියෙන් කටයුතු කිරීම අගය කළ යුත්තකි.

වෙස්මුහුණු දමාගෙන, ඔලුබක්කෝ නටන, මතින් මත් වී, පවට බරවී කරන වෙසක් වෙනුවට අපි පන්සිල් රැකගෙන හැකි නම් වෙසක් පොහොය දින නොමැති නම් වෙසක් සතියේ දිනක හෝ පෙහෙවස් සමාදන් ව ප්‍රතිපත්ති ගරුක ව වෙසක් සමරන්නේ නම් එය නියම වෙසක් සැමරුමක් ලෙස අපට සිහිපත් කර දිය හැකි ය.

වෙසක් පුර පසළොස්වක

මැයි 04 බ්‍රහස්පතින්දා අ.භා. 11.42 න් පුර පසළොස්වක ලබා 05 සිකුරාදා අ.භා. 11.02 න් ගෙවේ.
05 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

Full Moonඅමාවක

මැයි 19

First Quarterපුර අටවක

මැයි 27

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]