[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

 

ආර්ය විමුක්ති මාර්ගයේ පරමාදර්ශී නායකත්වය

ලොව අනෙකුත් ශාස්තෘවරයන් අතර බුදුරජාණන් වහන්සේ සුවිශේෂී ශාස්තෘවරයාණ කෙනෙකි. ඒ, උන් වහන්සේ මනුෂ්‍යයාගේ මෙලොව දියුණුව සහ පරලොව දියුණුව මනාව පෙන්වා දීම හැරුණු කොට, සාංසාරික දුකින් සදහටම නිදහස් වීමේ මාර්ගය තමන් වහන්සේ ද අවබෝධ කරගෙන, එය ස්වාක්ඛාත ලෙසින් දේශනා කළ නිසාවෙනි. බුදුරදුන් පෙන්වා වදාළ විමුක්ති මාර්ගය අනුගමනය කොට මාර්ග-ඵල සාක්ෂාත් කරන පුද්ගලයා ‘ආර්ය’ තත්ත්වයට පත්වෙයි. උත්තරීතර මාර්ගය වන බැවින් එම මාර්ගය ම ‘ආර්ය’ නම් වෙයි. එය මුලින් ම අවබෝධ කර ගත් බුදුරජාණන් වහන්සේ ද ‘ආර්ය’ නම් වන සේක. මේ හේතූන් නිසා යථොක්ත විමුක්ති මාර්ගය ‘ආර්ය විමුක්ති මාර්ගයකි’. බුදුරජාණන් වහන්සේ එහි පරමාදර්ශී ශාස්තෘවරයාණන් වන්නේ, එම මාර්ගය හුදෙක් දේශනා කිරීමට වඩා, තමන් වහන්සේ ද එය අනුගමනය කොට, එහි උත්තරීතර ඵලය වන නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීමෙන් පසුව ම එය ලෝකයාට දේශනා කළ නිසා ය. “ඉදං දුක්ඛනිරෝධගාමිනීපටිපදා-අරියසච්චන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි...” - “මහණෙනි, මේ දුකින් මිදීමේ ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය යැ යි මා හට පෙර නො ඇසූ දහම් පිළිබඳ ඇස පහළ විය, නුවණ පහළ විය...” (ධම්මචක්කප්පවත්තන සුත්ත). වසර දෙදහස් හයසියයකට පෙර දඹදිව විමුක්තිය පිළිබඳ මහත් ආන්දෝලනයක් පැවැතුණේ ය. හැම ශාස්තෘවරයෙක් ම පාහේ පැවැසූයේ විමුක්තියට නියම මඟ පෙන්වන්නේ තමන් බව යි. සිදුහත් කුමාරයාණන් කොතරම් සැප සම්පත් විඳීමින් කල් ගත කළත්, නගරයෙහි අනිකුත් මිනිසුන් විඳීනා දුක, වේදනාව එතුමන්ට දකින්නට ලැබුණි. එම මිනිසුන් පිළිබඳ මහත් කරුණාවක් ඇති ව, ඔවුන් කෙසේ හෝ එම දුකින් මුදවිය යුතු ය යන අදහස එතුමන්ට ඇති විය.


වෙසක් පුර පසළොස්වක

මැයි 04 බ්‍රහස්පතින්දා අ.භා. 11.42 න් පුර පසළොස්වක ලබා 05 සිකුරාදා අ.භා. 11.02 න් ගෙවේ.
05 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

Full Moonඅමාවක

මැයි 19

First Quarterපුර අටවක

මැයි 27

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]