[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

රාජ්‍ය වෙසක් පුණ්‍ය මහෝත්සවය මාදම්පේ කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් වෙහෙරබිමේ දී

මෙලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ආගමික ශාස්තෘවරයාණන් වහන්සේ වන ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවීම යන උතුම් කරුණු තුන සිහිකිරීම තෙමඟුල ලෙස ලෝකවාසී බෞද්ධ ජනතාව ඉමහත් ගෞරවයෙන් යුතුව සලකනු ලබති. ක්‍රි.පූ. 236 වැන්නෙහි දී දෙවන පෑතිස් රජ දවස සම්බුදු දහම මෙරටට ලැබුණු දින සිට අසිරිමත් සම්බුදු තෙමඟුල සැමරීම රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිදුකළ බව මහාවංශය, දීපවංශය ආදී වංශ කතා සාක්ෂි දරයි. තෛ‍්‍රනිකායික මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි තෛ‍්‍රනිකායික මහා සංඝරත්නයේ ආශීර්වාදයෙන්, ජනාධිපතිතුමන්ගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි ත්‍රිවිධ හමුදාවේත්, පොලීසියේ හා සිවිල් ආරක්ෂක බලකායේ ද සහාය ඇතිව ලෝකවාසී බෞද්ධ ජනතාව සමඟ එක්ව ප්‍රතිපත්ති පූජාවන්ට මූලිකත්වය ලබා දෙමින් ශ්‍රී ලංකාවාසී ජනතාවට මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත, මාදම්පේ කැබැල්ලෑව ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරයේ දී අති උත්කර්ෂවත් අන්දමින් සැමරීමට අවශ්‍ය වාතාවරණය සකස් කිරීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයත්, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවත්, පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත්, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයත් කටයුතු සංවිධානය කර ඇත. මෙවර වෙසක් තේමාව බවට පත්කර ඇත්තේ ලොකු කුඩා කවරකුට හෝ වුව ද වැදගත් ඔවදනක් වන, “නිවැරැදි දෙය වැරැදි ලෙසත්, වැරැදි දෙය නිවැරැදි ලෙසත් දැකීම දුගතියට හේතු වේ". යන්නයි. එසේ ම වෙසක් සතිය මැයි මස 02 වැනි දින සිට 08 වැනි දින දක්වා ප්‍රකාශයට පත් කර ඇති අතර එම එක් එක් දිනයන්හි තේමාවන් ද ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව පිළිවෙලින් පරිසර සංරක්ෂණ වැඩසටහන්, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් පිළිබඳ වැඩසටහන්, සාරධර්ම ප්‍රවර්ධන වැඩසටහන්, සීල සමාදාන වැඩසටහන්, සංස්කෘතික වැඩසටහන්, භික්ෂු සිල් මාතා පුහුණු වැඩසටහන්, ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් පැවැත්වේ.

වෙසක් පුර පසළොස්වක

මැයි 04 බ්‍රහස්පතින්දා අ.භා. 11.42 න් පුර පසළොස්වක ලබා 05 සිකුරාදා අ.භා. 11.02 න් ගෙවේ.
05 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

Full Moonඅමාවක

මැයි 19

First Quarterපුර අටවක

මැයි 27

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]