Print this Article


පිහිට පතයි

පිහිට පතයි

හෝමාගම, මාගම්මන, අංක 374/29 හි පදිංචි ජී.එච්. හේමන්ත (54) දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. ඔහුට “ඕ පොසිටිව් හෝ ඕ නොගටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව ද කියයි. පරිත්‍යාගශීලියකු වේ නම් දුරකථන 0112753284 හෝ 0775660774 අංකයන්ගෙන් විමසිය හැක.

****

හිනිදුම හිංගල්ගොඩ ජී.ඒ. නිරූපා මහත්මියගේ වකුගඩු දෙකම අකර්මන්‍ය තත්ත්වයට පත්ව ඇති බව කියයි. ඇයගේ ජීවිතය බේරා ගැනීමට නම් නොපමාව එක් වකුගඩුවක් බද්ධ කළ යුතු බවත් ඒ සඳහා විශාල මුදලක් වැය වන බවත් කියයි. ආධාර කිරීමට කැමති අය සිටී නම් 071 7292652 දුරකතන අංකයෙන් දැනුම් දීමට හෝ ලංකා බැංකුව 84471373 ගිණුමට මුදල් බැරකළ හැකි බව ද පවසයි.

****

3 කණුව, කොලොන්ගහමඩිත්ත, සොරණාතොට, බදුල්ල යන ලිපිනයේ පදිංචි ආර්.එම්. චන්ද්‍රසිරි යන අය වකුගඩු රෝගයෙන් පෙළෙන බවත් ඔහුට ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැයවන බවත් පවසයි. ආධාර කිරීමට කැමති අය සිටී නම් 077 3203560 දුරකථන අංකයෙන් විමසිය හැකි ය.

****

අංක 28, පඬරැල්දෙණිය, පිළිමතලාව ලිපිනයේ පදිංචි දිසානායක මුදියන්සේලාගේ පි‍්‍රයංජනී නිරෝෂා කුමාරි විජේරත්න යන අය වකුගඩු ආබාධයකින් පෙළෙන බව පවසයි. ඇයට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව වෛද්‍යවරු පවසති. වකුගඩුවක් හෝ මුදල් පරිත්‍යාග කිරීමට කැමති අය සිටී නම් 0785900590 දුරකථන අංකයෙන් විමසිය හැකි බව කියයි.

****

පැරැණි හින්දි චිත්‍රපට හා ගීත රසික සමාජයේ නිර්මාතෘ හා ප්‍රධාන සංවිධායක පි‍්‍රයන්ත ගමගේ මහතා වකුගඩු ආබාධයකින් පෙළෙන බව කියයි. ඔහුට ‘බී’පොසිටිව් හෝ ‘ඕ’ පොසිටිව්, ‘බී’ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව ද කියයි. පරිත්‍යාගශීලියකු වේ නම් 0718293411 දරන දුරකථන අංකයෙන් විමසිය හැකි බව කියයි.