Print this Article


පෝදා පින්කම්

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජ මහාවිහාරය

විහාරාධිපති පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ අනුශාසනාවෙන්, ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, අධ්‍යාපනපති කැලණියේ ශාසනවංශ හිමි, ශාස්ත්‍රපති මාවුස්සාගොල්ලේ මුදිත හිමි, ආචාර්ය මාකොල මංගල හිමි, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත, උපාධ්‍යාය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, කාව්‍ය විශාරද දීිගල පියදස්සි හිමි, ශාස්ත්‍රපති අතුරුගිරියේ සුබෝධ හිමිවරු අද දින දම් දෙසුම් පවත්වති.

****

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

උදෑසන 6.00 සිට සීල සමාදාන වැඩසටහන ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි මෙහෙයවන අතර පුහුල්වැල්ලේ සාරධ හිමි, මඩවල ධම්මික ජිනවංශ හිමි, වලපනේ ඤාණසේන හිමි යන හිමිවරු දම් දෙසුම් පවත්වති. මැයි 06 වැනි දින රාත්‍රී 7.00 ට තෙසැත්තෑඤාණ පූජාව පැවැත්වේ.

****

රද්දොළුව ශ්‍රී අමර මහා විහාරස්ථානය

විහාරාධිපති සීදුවේ සුමනවංස නාහිමියන්ගේ අනුශාසනාව පරිදි මාදුවේ කෝලිත හිමි, ශාස්ත්‍රවේදී ගල්වල්යායේ සුගතරංසි හිමි, ශාස්ත්‍රපති ඇල්ලේවෙල ඉන්ද්‍රජෝති යන හිමිවරු හා මහාචාර්ය අශෝක් පි‍්‍රයදර්ශන, ශාස්ත්‍රපති නීල් ධර්මපි‍්‍රය බණ්ඩාර, ධර්මාචාර්ය කේ.ඒ.එස්. ආර්. දයානන්ද, ධර්මාචාර්ය කේ.එම්.ආර්. කුමාරසිංහ, වෛද්‍ය කීර්ති බණ්ඩාර රත්නායක යන මහත්වරු දහම් වැඩසටහන් සඳහා සහභාගී වෙති.

****

සිරි වජිරඤාණ ධර්මායතනය – මහරගම වැඩිහිටි සීල සමාදානය

විහාරාධිපති නාහිමියන්ගේ අනුශාසනා පිරිදි හිඟුරක්ගොඩ විභාවි නාහිමි, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මණ සුමනසිරි නාහිමි, දර්ශනපති පුස්සැල්ලයායේ චන්දිම හිමි, ශාස්ත්‍රපති පානදුර පසන්න හිමි, බුලත්සිංහල සුවචධම්ම හිමි, කලුනාගල විජිතධම්ම හිමි, ගලහිටියේ නාගිත හිමි, පමුණුවිල නන්දවිමල හිමි, ශාස්ත්‍රපති පණ්ඩිත වේරදුවේ මහින්ද හිමි, ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, කොබෙයිගනේ ධම්මදස්සි හිමි, ශාස්ත්‍රපති පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති හිමි යන හිමිවරු පෝ දා දම් දෙසුම් සඳහා සහභාගි වෙති.

****

පිළියන්දල සංකල්ප විහාරය

විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි කැඹිලියපොළ මනිරතන හිමි, කෝලානේ වසුබන්ධු හිමි, කින්චිගුණේ චන්දවිමල හිමි, මිරිස්වත්තේ ඉන්දසිරි හිමි, පිළියන්දල සරණ හිමි, ගතාරේ ඉන්දරතන යන හිමිවරුන්ගේ සහභාගිත්වයෙන් පෝදා ධර්ම දේශනා පැවැත් වේ. සවස ධාතූන් වහන්සේලා වැඳ පුදා ගැනීමට ද ඉඩ සලසා ඇත.

****

කොබවක ශ්‍රී සුමනාරාමය

විහාරාධිපති දෙල්මෑල්ලේ ශ්‍රී සුමනරතන හිමියන්ගේ අනුශාසනා පරිදි දේවමුල්ලේ ධම්මින්ද හිමි, ආදළුවේ සුබෝධනී මෙහෙණින් වහන්සේ, බුලත්සිංහල අතුරේ සීලානන්ද හිමි, ශාස්ත්‍රපති වෑකඩ භද්‍රා මෙහෙණින් වහන්සේ, ආචාර්ය වීරියගම අනුරුද්ධ හිමි, විශාරද ගෝවින්නේ සුබෝධි හිමි, පණ්ඩිත වතුරුවිල සරණංකර හිමි ඇතුළු නාහිමිවරු විසින් පවත්වනු ලබන පෝ දා ධර්ම දේශනා මාලාවකි.

****

කොළඹ තරුණ බෞද්ධ සංගමය

පාණදුරේ ආනන්ද හිමි, මඩවල ධම්මික ජිනවංශ හිමි, වදුරඹ සංඝානන්ද හිමි, නාමල්ගමුවේ පඤ්ඤාසේකර හිමි යන හිමිවරු පෝ දා දම් දෙසුම් පවත්වන අතර මෙහි සංවිධාන කටයුතු සිදුකරනු ලබන්නේ හාරිස්පත්තුවේ ‘අරියවංසාලංකාර පදනම මඟිනි.

****

තලවතුගොඩ සංඝමිත්තාරාමය

5.30 අටවිසි බුදුරජාණන් වහන්සේ සහ අසූ මහා ශ්‍රාවිකාවන් වහන්සේ උදෙසා ක්ෂීරපායාස පූජාව. ගැමුණුපුර සෝමවංශ හිමි, කැලණියේ අජිත හිමි, දංකොටුවේ ශීලා සිල්මාතාව, වල්ගම සුමන හිමි හා ඉද්දමල්ගොඩ වජිරඥාණ යන හිමිවරු හා සිල් මාතාවෝ දම් දෙසුම් පවත්වති. සවස අටවිසි බුදුරජාණන් වහන්සේ සහ අසූ මහා ශ්‍රාවිකාවන් වහන්සේ උදෙසා ගිලන්පස පූජාව පැවැත්වේ.

****

ඇහැලියගොඩ මදරසිංහාරාම පුරාණ මහා විහාරය

උදෑසන 05.00ට සම්බුද්ධ වන්දනාව, ධර්ම දේශනා, බුද්ධ පූජා, ධර්ම දේශනා, අටවිසි බුද්ධ වන්දනා හා බෝධි පූජා ඇතුළු මෙදින සියලුම ආගමික කටයුතු සිදුකරනු ලබන්නේ විහාරාධිපති ශාස්ත්‍රවේදී වියලගොඩ අස්සජි හිමියන් විසිනි.

****

සිරි වජිරඤාණ ධර්මායතනය - මහරගම - තරුණ සීල සමාදානය

පෙරවරු 06.00 ට සිල් සමාදන් කරවීම, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි නාහිමි, කොත්මලේ ඤාණවංස හිමි, ආචාර්ය මඩිහේ සුගතසිරි හිමි, ගල්කිස්සේ සෝමානන්ද හිමි, අකුරැස්සේ ධම්මරතන හිමි, රාජකීය පණ්ඩිත කන්දේගෙදර සෝභිත හිමි, පණ්ඩිත පල්ලේමුල්ලේ සෝරත හිමි, පියදස්සි හිමි යන හිමිවරු පෝදා දහම් වැඩසටහන් සඳහා සහභාගිවෙති.

****

හම්බන්තොට සිංහගිරි විහාරය

විතාරන්දෙණිය වජිර හිමි, මාමඩලේ මුදිත හිමි, මිදිගම රතනසිරි හිමි, සත්මුතුගම රාහුල හිමි, නුගේකන්දේ මංගල හිමි, සූරියවැව සුධම්ම හිමි, සූරියවැව සුදේව හිමි, ඕපනායක සුජාත යන හිමිවරු හා ඩබ්.ඒ. විජේදාස, සිරිල් කොඩිතුවක්කු යන මහත්වරු දහම් වැඩසටහන් සඳහා සහභාගී වෙති.