Print this Article


උතුම් බුදු සසුනට පිවිසෙන්නට කුල දරුවන්ට ඇරයුම්

උතුම් බුදු සසුනට පිවිසෙන්නට කුල දරුවන්ට ඇරයුම්

අතිපූජනීය අග්ගමහා පණ්ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමියන් විසින් ආරම්භ කරනු ලැබූ මහරගම ආනන්ද මෛත්‍රෙය මාවතේ ශ්‍රී චන්ද්‍රශේකරාරාම විහාරස්ථානය දශක පහකට අධික කාලයක් තිස්සේ ප්‍රදේශයේ ශාසනික ආගමික කටයුතුවලදී ප්‍රමුඛ මෙහෙයක් සිදුකරයි. මෙම විහාරස්ථානයේ ඉදිරි ශාසනික මෙහෙය වෙනුවෙන් කුල දරුවන් පිරිසක් පැවිදි කිරීමට වත්මන් විහාරාධිපති මොලමුරේ නන්දාරාම හිමියෝ කටයුතු සූදානම් කර ඇත. ඒ සඳහා කැමැති කුල දරුවන් වෙත් නම් ඔවුන්ගේ විස්තර ශ්‍රී චන්ද්‍රශේකරාරාමය, ආනන්ද මෛත්‍රෙය මාවත, මහරගම යන ලිපිනයෙන් විමසිය හැක.