Print this Article


අමරපුර සිරි සද්ධම්ම වංස මහා නිකායේ වාර්ෂික උපසම්පදා විනය කර්මය

අමරපුර සිරි සද්ධම්ම වංස මහා නිකායේ වාර්ෂික උපසම්පදා විනය කර්මය

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ වාර්ෂික උපසම්පදා විනය කර්මය 2023 ජූලි 19, 20, 21, 22 යන දිනවල දී සිරි සද්ධම්මවංසපාල ගණාචරිය මහා මහෝපාධ්‍යාය අහුන්ගල්ලේ සිරිසීලවිසුද්ධි මහානායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා “සුධර්මා” කාරක සංඝ සභික නායක ස්වාමීන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් බලපිටිය, වැලිතර මහා කප්පින වලව්ව මූලස්ථාන විහාරස්ථ ශ්‍රී ධීරානන්ද මහාමංගල සීමාවේ දී පැවැත්වේ.

ඒ සඳහා සුදුසුකම් සපුරා ඇති සාමණේරයන් වහන්සේ සිය ආචාර්යයන් වහන්සේ මඟින් 2023 ජූනි 10 දිනට ප්‍රථම අයදුම්පත් නිසි ලෙස සම්පූර්ණ කොට මහා ලේඛකාධිකාරී නාහිමි, මහා කප්පින වලව්ව මූලස්ථාන විහාරය, වැලිතර, බලපිටිය යන ලිපිනයට එවිය යුතු ය.