Print this Article


කුසිනාරාවේ දී

කුසිනාරාවේ දී

රන්වන් පාට හිරු පොළොවට පතිත වුන
ගිරිගඩු පිපෙන සීතල සිව් දිගින් එන
විඳගෙන සාධු හඬ නංවා ගිගුම් දෙන
දිනයක වැඳ ගතිමි පින්බිම පිරි නිවුන

කෙලෙසුන් මුදාහළ පින්බර මුව මඬල
වෙහෙසට පත් ලෙසින් ඇති සිරිපා යුගල
අනියත බව දැනේ ලොව හැම දෙය විපුල
නළලත පිස ගතිමි වැඳ සිරිපා කමල

මිල කළ නොහැක හිමි ඔබ දෙසු දහම් කඳ
දිගටම ඇසෙනවා සිවිදිග සාධු නද
නැවතත් වැඳ වැටී සම්බුදු සුවඳ විඳ
පිටතට ඇදී ආවෙමි දුක් කඳුළු මැද