මානය
පිඬු සිඟා වැඩියෙමි
මෙහෙණවර වෙත ඇදුනෙමි
එකත්පස්ව හිඳ ගතිමි
පා පියන ඇරියෙමි
දෑස් යොමු කළෙමි
දැනුණි සිතට අපුලක්
ස්වාමි දියණියක වූවෙමි
පියකරු දරුවන් ලදිමි
මහරු දිවියක් ගෙවුවෙමි
රූරා වැටෙයි කඳුළු බිඳු
සිතට වෙර ගත්තෙමි
සිහිය උපදවා ගත්තෙමි
මානය හඳුනා ගතිමි
භික්ෂාව වැළඳුවෙමි
ජේ.ජී.රණතුංග |