Print this Article


පාරමී දම්

පාරමී දම්

මුහුදේ යන විට
ආ රළ පහරට
නැව මූදු පතුලට
ගත් මව් කරපිට

මව් පණ බේරා
පුතා ආවා පීනා
මගෙ පුතේ බුදු වෙයන්
පළමුව කීවෙත්

මුනි දීපංකර
විවරණ දුන් තිර
එතැන් පටන් සසර
බෝසත් පෙරුම් පුරා

පෙරුමන් පිරුවා
සසරින් සසරට
මරු පැරදූවා
හිමි බුදුවූවා