Print this Article


පිපි සැම මල්

පිපි සැම මල්

හිරුගේ රැස් දහරෙන්
ඔකඳ වෙලා
සඳුගේ මෙත් දියරෙන්
සලිත වෙලා
පොළොවේ සරුසාරෙන්
මවිත වෙලා
තුරු අතුපතරේ
මල් පිපිලා
හමනා පවන් රොදේ
නැළැවෙනවා

පිපි මල් පිපි මල්
අතුපතරේ රුව සුවඳින්
ලොව වෙත සැනසිලි
සුවගෙන දේ

සැනසිලි සුව
ලොව වෙත ගෙන දුන්
සුන්දර සැම මල්
නියත ලෙසින්
පරවෙයි පරවෙයි
දුක් විලසින්

පස්වී නටුවෙන්
පොළොවට වැටිලා
පසටම පස්වෙයි
පස් විලසින්