Print this Article


සතිමත් වෙමු

සතිමත් වෙමු

ගැටලු එමට ය දිවි මගේ දී
සතුට ඈතට පලා යනවා
තාවකාලික පිළියමින් මඟ
පෙරට යන්නට පෙනෙනවා

නිමාවක් නැති ගමන මේ දුර
නැවත බාධක මතුව එනවා
ඇතොත් “සතිමත්” ක්‍රියාදාමය
ගමන සතුටින් නිමා වෙනවා