Print this Article


ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි

ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි

වසර 40කට ආසන්න කාලයක සිට මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආයතන රැසක ප්‍රාදේශීය වාර්තාකරුවකු ලෙස සේවය කරන දම්මුල්ලේ සේන වී ගමගේ මහතාගෙන් සිදුවන සේවය ඇගයීම් වස් දේශකීර්ති ශාසනාභිමානී යන ගෞරව සම්මානය පිරිනමා ඇත. බෙලිඅත්ත පලපොත ශ්‍රී විජයාරාම මහා විහාරස්ථානයේ ඉකුත් දින පැවති ආගමික උත්සවයේ දී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත නායක මාහිමිපාණන් වහන්සේ විසින් මෙම ගෞරව සම්මානය පිරිනමා ඇත.