Print this Article


තෙල්වතු සඟ පරපුර ශෝභාවත් කළ වෙහෙරගොඩ ශ්‍රී සුමංගල බුද්ධරක්‍ඛිත නාහිමියෝ

තෙල්වතු සඟ පරපුර ශෝභාවත් කළ වෙහෙරගොඩ ශ්‍රී සුමංගල බුද්ධරක්‍ඛිත නාහිමියෝ

හික්කඩුව තිරාණගම ගණේගොඩැල්ල ශ්‍රී සුදර්ශනාරාම පුරාණ මහා විහාරය, ඓතිහාසික තෙල්වත්ත තොටගමු රත්පත් රාජමහා විහාරය ඇතුළු විහාර ගණයේ ආධිපත්‍ය හොබවා වදාළ, කීර්තිශේෂභාවෝපගත, වෛද්‍යාචාර්ය, වෙහෙරගොඩ ශ්‍රි සුමංගල බුද්ධරක්‍ඛිතාභිධාන ගාලු කෝරළයේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 188 වැනි ජන්ම දිනය පසුගිය දාට යෙදී තිබුණි.

ස්වකීය පැවිදි දිවියට ආලෝකයක් එක් කර ගනිමින් නක්‍ෂත්‍රය මෙන්ම දේශිය වෙදකම ද උන්වහන්සේ ප්‍රගුණ කළහ. එපමණක් ද නොව පසුකලෙක ස්වකීය දැනුමින් විවිධ පුස්කොළ පොත් ද උන්වහන්සේ රචනා කළහ.

අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ උපදෙස් අනුව තොටගමු රාජමහා විහාරයේ දාගැබ් වහන්සේ ඉදි කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ ද බුද්ධරක්‍ඛිත නාහිමියන් විසිනි.

1911 දී හික්කඩුවේ නාහිමියන් අපවත් වීමෙන් පසු උන්වහන්සේ හෙබවූ නායක පදවිය ද වෙහෙරගොඩ නාහිමියන්ට ලැබුණු බව ඇතැම් පොත පතෙහි සඳහන් වේ. ඒ හැර උන්වහන්සේ සියම් මහා නිකායේ ගාලු කෝරළයේ ප්‍රධාන සංඝනායක ධූරයෙන් ද සම්භාවනාවට ලක් කළහ.

වෙහෙරගොඩ ශ්‍රි සුමංගල බුද්ධරක්‍ඛිතාභිධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ, 1926 ජනවාරි මස 12 වැනි දා කීර්තිශේෂභාවෝපගත වී වදාළහ.