Print this Article


කදුරුදූවේ සුගතවංස නාහිමි

කදුරුදූවේ සුගතවංස නාහිමි

වාද්දුව, මොරොන්තුඩුව ගෝනදූව උත්තරචේතියාරාම පුරාණ මහා විහාරාධිපති, විශ්‍රාමික පරිවේණාධිපති , ත්‍රිපිටකවේදී ශාස්ත්‍රපති කර්මාචාර්ය කදුරුදූවේ සුගතවංස හිමි වෙත මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වය මඟින් “ත්‍රිපිටක විශාරද සද්ධර්ම කීර්ති ශ්‍රී සාරානන්ද” යන ගෞරව නාම සම්මුතිය සහිතව බස්නාහිර පළාතේ කොළඹ, කළුතර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමී ය. අභිනව කදුරුදුවේ සුගතවංස නාහිමියන්හට අක්ත පත්‍ර පිරිනැමීම මාර්තු 31 වැනිදා මහනුවර මල්වතු මහා විහාරයේ දී ද, පිළිගැනීමේ උළෙල අපේ‍්‍රල් 02 වැනිදා ගෝනදූව උත්තර චේතියාරාම පුරාණ මහා විහාරස්ථානයේ දී ද පැවැත්වුණි.